ලෝක රූ රැජින සැමියාගෙන් වෙන්වෙයි..?

හිටපු ලෝක රූ රැජිණක හා බොලිවුඩයේ ප්‍රකට නිළියක වන ප්‍රියංකා චොප්රා විවාහ වී සිටින්නේ ඇයට වඩා වසර 10කින් ලාබාල නික් ජොන්ස් නමැති අමෙරිකානු ජාතික ප්‍රකට ගායකයෙකු සමඟිනි. ප්‍රියංකා සහ නික් අතර කාලයක් තිස්සේ නොගැළපීම් පැවති බවට කතා තිබුණි. පසුගිය දිනවල කටකතාවක් පැතිර ගියේ ඇය ඔහුගෙන් වෙන්වන්නට සූදානම් බවයි.

මීට හේතුවූයේ සමාජ මාධ්‍ය තුළ ඇය නික් ජොන්ස්ගේ වාසගම ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන් ඉවත් කිරීමයි. ඒ හේතුවෙන් රසිකයන් ක්ෂණිකව අනුමාන කිරීමට පටන් ගත්තේ දික්කසාදය ස්ථිර බවයි. මේ අතර ප්‍රියංකා චොප්රාගේ මව මධු චොප්රා තම දියණිය සිය සැමියා වන නික්ගෙන් වෙන්වීම සම්බන්ධයෙන් පැතිරෙන කතා සියල්ල ව්‍යාජ ඒවා බවට දක්වමින් ප්‍රකාශයක් සිදු කර තිබේ.

අසත්‍ය ප්‍රකාශ පතුරුවා හැරීමෙන් වළකින ලෙසත් ඇය අන්තර්ජාල පරීශීලකයින්ගෙන් ඉල්ලා තිබුණි. 2018 දෙසැම්බර් 01 වැනිදා ඉන්දියාවේ රාජස්තාන් හිදී විවාහ වූ යුවළ වසර 3කට ආසන්න වෙද්දී වෙන්ව යාම ගැන මෙම කුතුහලය මතුවිය.

කෙසේ වෙතත් මෙම යුවළ පසුගිය දා දිවාලි උත්සවය ද අලුතින් හැදූ නිවසේදී සැමරූ අතර ප්‍රියංකා ඇගේ සමාජ මාධ්‍යවල එම ඡායාරූප බෙදා ගත්තාය.

නමුත් මේ වන තෙක් වෙන්වීමේ තීරණය ගැන ඇය ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කර නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
71
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43