AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් මිල ඉහළ යාම නිසා විදුලි උදුන් සඳහා පවතින ඉල්ලුම ඉහළට

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිල ඉහල යාමත් ඉද හිට වෙළඳපලේ සොයා ගැනීමට නොහැකිවීමත් නිසා විදුලි උදුන් සඳහා පවතින ඉල්ලුමද ඉහල ගොස් තිබෙනවා.

එමෙන්ම ගෘහ විදුලි උපකරණ අලෙවි කරන බොහෝ වෙළදසැල්වල විදුලි උදුන් අලෙවිය ගෑස් මිල ඉහල දැමීමත් සමග සීඝ්‍ර ලෙස ඉහල ගොස් ඇති බවයි සොයා බැලීමකදී අනාවරණ වුණේ.

ගෑස් මිල ඉහල යාමත් සමග පසුගිය කාල සීමාවේදී භුමිතෙල් උදුන් සඳහාද ඉහල ඉල්ලුමක් පැවතුනු අතර ඒවාගේ මිලද සැලකිය යුතු මට්ටමකින් ඉහල ගියා.

මෙලෙස විදුලි උදුන් සඳහා පවතින ඉල්ලුම ඉහල යාමත් සමග ඉදිරියේදී දෛනික විදුලි පාරිභෝජනයද විශාල ලෙස ඉහල යා හැකි බවයි විශේෂඥයින් මත පළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?