පිං බිමක් ගොවි බිමක් කළ සෝභිත හිමි

කාබනික වගාව පිළිබඳ ශීඝ‍්‍ර කතා බහක් මතුව ඇති වකවානුවක කාබනික වගාවේ සරු ඵල දරන පිරිස් අප රටෙහි විවිධ ප‍්‍රදේශවලින් වාර්තාවේ. ඒ ඇතැම් උදවිය කාබනික වගාවට යොමුව ඇත්තේ දිගු කලක සිටවන අතර ඇතැමුන් ඊට යොමුවන්නේ මෑතකදීය.

රාජාංගණය වැවේ පන්සල හෙවත් ශ‍්‍රී බෝධිරාජාරාමය මේ වනවිට පිංබිමක් පමණක් නොව, වගා බිමකි.

විහාරස්ථානයට එන පිරිසගේ සහයෝගය ලබාගනිමින් පන්සලේ නායක හිමිපාණන් මෙන්ම නාලන්දා මූලික පිරිවෙනේ පරිවේනාධිපති මහවැවේ සෝභිත හිමියන් සරු වගා බිමක් පවත්වාගෙන යන අයුරු දක්නට හැකිය. පන්සල් වත්තෙහි රැස්වන කොළරොඩු මෙන්ම තවත් කාබනික පොහොර වර්ග, පළිබෝධ පලවා හරින ක‍්‍රම භාවිත කරමින් වගාවේ නියැළෙන බව මහවැවේ සෝභිත හිමියෝ පැවසූහ.

ඉස්සර අපේ රටේ මිනිස්සු පුළුවන් හැම තැනම වගාව කළා.

ඉස්සර මිනිස්සු ආසනික්වලින් අසනීප වුණේ නැහැ.

අද වෙලා තියන්නේ වස විස පාවිච්චි කරලා වගා කරන එක. එදා ගොවියා වස විස ගැන දැනගෙන හිටියෙ නැහැ.

ඒත් අද ගොවියා කියනවා වස විස නැතිව වගා කරන්න බැහැ කියල. මම මහ ලොකු දෙයක් නම් දන්නෙ නැහැ. ඒත් සමාජ වටපිටාව අනුව ලබාගත් දැනුමෙන් කෘමි සතුන් බිත්තර දාන්නේ සවසට. ඒ නිසා අපි හවසට ගස්වලට හොඳට වතුර දානවා. එතකොට කෘමීන්ට පත‍්‍රවල තෙත නිසා ඒක අහිතකර පරිසරයක්. සතුන් ඒ පරිසරය මඟහැර යනවා. ඒවා තමයි පරිසර හිතකාමී ක‍්‍රමවේද. මාළු ටොනික් කියල දියර පොහොරක් හදනවා.

ඒකෙන් පුළුවන් පත‍්‍රවල උඩට, යටට වගේම පසට පොහොරක් හැටියට යොදන්න. පත‍්‍රවලට යෙදීමෙන් තෙල් තට්ටුවක් මෙන් ආවරණයක් පත‍්‍රවල ඇති වෙනවා. කෘමීන් පත‍්‍රවල බිත්තර දමන්න ඒම එමගින් වළකිනවා. කඳට සතුන් ගෙන්වන හානි වළකිනවා. කොළවලට, කහ පාටවන තැන්වලට, කොළ හැළෙන වගේ අවස්ථාවලට මේක යොදන්න පුළුවන්. මාළු ටොනික් හදන්නෙ මාළු සහ හකුරු නැත්නම් සක්කර හෝ සීනි භාවිත කරලා. ඒ නිසා කිසිම හානියක් නැහැ.

තවත් දෙයක් තමයි ගිනි සත්කාරය. ගව මුත‍්‍රා, කොච්චි, දුන්කොළ, සුදුලූනුු, වතුරවලින් ඒක හදන්නේ. බඩ ඉරිඟුවල පසුගිය කාලවල තිබුණු සේනා දළඹු විනාශයට මේක හොඳ පිළියමක් හැටියට මේ ප‍්‍රදේශවල ගොවියන් භාවිත කළා.

සාර්ථක වුණා. ඒකෙන් කරන්නෙ හිතකර කුෂුද්‍ර ජීවීන් මිලියන 08 ක් විතර බිහිකරන එක. මෙය පැළවල අතු බෙදෙන්න, නිසරු පස සරු වන්න යොදන්න පුළුවන්. මම වගා කරල තියෙනව කෙසෙල් වර්ග 18 ක්.

දඹල, ඇත් දළ බණ්ඩක්කා, දේශීය වට්ටක්කා, වැටකොළු වගේ එළවළු වර්ග වගාකරලා තියෙනවා. මම දකින දේ තමයි උනන්දුව තියෙනව නම් අපිට ඒක කරන්න පුළුවන් කියන කාරණාව.

බෙන්තොට – දර්ශන කරුණාරත්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසන්තගෙයි - ලාල්කාන්තගෙයි කෙරුවාව චාමර හෙළිකරයි - අපි නම් ඇතුළට යන්න ඉන්න අයනේ
02:37
Video thumbnail
මේකා සජිත්ගේ ගෝලයෙක් - කිකිළියෙක්ගේ තරම් මොළයක්වත් නෑ
02:01
Video thumbnail
ප්‍රසංග නැවතුනොත් සංගීත ශිල්පියා වග කියන්න ඕනි - සංවිධායකයෝ සිංදු කියන්නේ නෑනේ
08:21
Video thumbnail
ආණ්ඩුවේ කට්ටයට බන්ධනාගාර එක්ක සමීප සම්බන්ධතාවක් තියෙනවා
07:08
Video thumbnail
නලින්ද කිව්වේ පට්ටපල් බොරුවක් - මහනායක ස්වාමීන් වහන්සේලා සහාය දුන්නේ නෑ
11:45
Video thumbnail
චාමර සම්පත්ගෙන් නලින්දට හින්ට් එකක් - නලින්ද පුරුදු වෙන්න බොරු කියන මිනිහෙක්
04:01
Video thumbnail
ජනාධිපතිතුමා කිව්ව දේ නීතිඥ සංගමයේ සභාපති සියල්ල හෙළිකරයි
04:46
Video thumbnail
කඩ ඉවත් කරන්න කියලා දැන් ලියුම් ග#ලා..කඩ හැදුවොත් දඩ ගහලා කූඩුවේ දානවා
04:09
Video thumbnail
රටම බලා සිටි ජනාධිපති එක්ක නීතිඥවරුන්ගේ සාකච්ඡාව අවසන්
03:46
Video thumbnail
කෘෂිකර්ම ඇමති ඔයා ඉල්ලා අස් වෙන්න - කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:39