පිං බිමක් ගොවි බිමක් කළ සෝභිත හිමි

කාබනික වගාව පිළිබඳ ශීඝ‍්‍ර කතා බහක් මතුව ඇති වකවානුවක කාබනික වගාවේ සරු ඵල දරන පිරිස් අප රටෙහි විවිධ ප‍්‍රදේශවලින් වාර්තාවේ. ඒ ඇතැම් උදවිය කාබනික වගාවට යොමුව ඇත්තේ දිගු කලක සිටවන අතර ඇතැමුන් ඊට යොමුවන්නේ මෑතකදීය.

රාජාංගණය වැවේ පන්සල හෙවත් ශ‍්‍රී බෝධිරාජාරාමය මේ වනවිට පිංබිමක් පමණක් නොව, වගා බිමකි.

විහාරස්ථානයට එන පිරිසගේ සහයෝගය ලබාගනිමින් පන්සලේ නායක හිමිපාණන් මෙන්ම නාලන්දා මූලික පිරිවෙනේ පරිවේනාධිපති මහවැවේ සෝභිත හිමියන් සරු වගා බිමක් පවත්වාගෙන යන අයුරු දක්නට හැකිය. පන්සල් වත්තෙහි රැස්වන කොළරොඩු මෙන්ම තවත් කාබනික පොහොර වර්ග, පළිබෝධ පලවා හරින ක‍්‍රම භාවිත කරමින් වගාවේ නියැළෙන බව මහවැවේ සෝභිත හිමියෝ පැවසූහ.

ඉස්සර අපේ රටේ මිනිස්සු පුළුවන් හැම තැනම වගාව කළා.

ඉස්සර මිනිස්සු ආසනික්වලින් අසනීප වුණේ නැහැ.

අද වෙලා තියන්නේ වස විස පාවිච්චි කරලා වගා කරන එක. එදා ගොවියා වස විස ගැන දැනගෙන හිටියෙ නැහැ.

ඒත් අද ගොවියා කියනවා වස විස නැතිව වගා කරන්න බැහැ කියල. මම මහ ලොකු දෙයක් නම් දන්නෙ නැහැ. ඒත් සමාජ වටපිටාව අනුව ලබාගත් දැනුමෙන් කෘමි සතුන් බිත්තර දාන්නේ සවසට. ඒ නිසා අපි හවසට ගස්වලට හොඳට වතුර දානවා. එතකොට කෘමීන්ට පත‍්‍රවල තෙත නිසා ඒක අහිතකර පරිසරයක්. සතුන් ඒ පරිසරය මඟහැර යනවා. ඒවා තමයි පරිසර හිතකාමී ක‍්‍රමවේද. මාළු ටොනික් කියල දියර පොහොරක් හදනවා.

ඒකෙන් පුළුවන් පත‍්‍රවල උඩට, යටට වගේම පසට පොහොරක් හැටියට යොදන්න. පත‍්‍රවලට යෙදීමෙන් තෙල් තට්ටුවක් මෙන් ආවරණයක් පත‍්‍රවල ඇති වෙනවා. කෘමීන් පත‍්‍රවල බිත්තර දමන්න ඒම එමගින් වළකිනවා. කඳට සතුන් ගෙන්වන හානි වළකිනවා. කොළවලට, කහ පාටවන තැන්වලට, කොළ හැළෙන වගේ අවස්ථාවලට මේක යොදන්න පුළුවන්. මාළු ටොනික් හදන්නෙ මාළු සහ හකුරු නැත්නම් සක්කර හෝ සීනි භාවිත කරලා. ඒ නිසා කිසිම හානියක් නැහැ.

තවත් දෙයක් තමයි ගිනි සත්කාරය. ගව මුත‍්‍රා, කොච්චි, දුන්කොළ, සුදුලූනුු, වතුරවලින් ඒක හදන්නේ. බඩ ඉරිඟුවල පසුගිය කාලවල තිබුණු සේනා දළඹු විනාශයට මේක හොඳ පිළියමක් හැටියට මේ ප‍්‍රදේශවල ගොවියන් භාවිත කළා.

සාර්ථක වුණා. ඒකෙන් කරන්නෙ හිතකර කුෂුද්‍ර ජීවීන් මිලියන 08 ක් විතර බිහිකරන එක. මෙය පැළවල අතු බෙදෙන්න, නිසරු පස සරු වන්න යොදන්න පුළුවන්. මම වගා කරල තියෙනව කෙසෙල් වර්ග 18 ක්.

දඹල, ඇත් දළ බණ්ඩක්කා, දේශීය වට්ටක්කා, වැටකොළු වගේ එළවළු වර්ග වගාකරලා තියෙනවා. මම දකින දේ තමයි උනන්දුව තියෙනව නම් අපිට ඒක කරන්න පුළුවන් කියන කාරණාව.

බෙන්තොට – දර්ශන කරුණාරත්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?