දේශපාලන බලයට කනේ වැලි ගෑවෙන්න නීතිය නවන දිවුලපිටිය පොලිසිය – ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා ගොන්නක්

දිවුලපිටිය පින්නකැලේවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු කෑම පාර්සලයක් ලබාගැනීමට ගිය අවස්ථාවේදී තවත් පුද්ගලයෙකු විසින් අමානුෂික ලෙස පහරදීමක් සිදුකර තිබෙනවා.

මෙලෙස පහරදීම සිදුකර තිබෙන්නේ ඔවුන්ගේම අසල්වැසියෙකු බවයි වාර්තා වන්නේ.

දිවුලපිටිය ප්‍රදේශීය සභාවේ සේවය කරන පුද්ගලයෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර ඔහු විසින් කසිප්පු බෙදාහැරීමක් සිදුකරන බවත් ඒ පිළිබඳව පොලිසියට තොරතුරු ලබාදීමක් සිදුකර ඇති බවට ඇති සැකයක් හේතුවෙන් ඔහු මෙලෙස පහරදීම සිදුකර ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මෙම පහරදීම සිදුකළ පුද්ගලයාව මෙතෙක් අත්අඩංගුවට ගැනීමට දිවුලපිටිය පොලිසියට හැකිවී නැහැ..

ඉහළ දේශපාලන බලපෑම් හේතුවෙන් මෙලෙස අදාල පුද්ගලයාව අත්අඩංගුවට නොගන්නා බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ..

එක රටක් එක නීතියක් සංකල්පයක් පවතින මොහොතක දේශපාලකයා ඉදිරියේ හිස සහ කොන්ද පාත් වෙන පොලිස් නිලධාරීන්ගෙන් නීතියේ පිළිසරක් බලාපොරොත්තු විය නොහැකි බවයි ප්‍රදේශවාසීන්ගේ අදහස වන්නේ.

මෙම පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳද පොලිස් සේවයේ රාජකාරී කරන බවත් එසේ තිබියදී පවා දේශපාලන බලපුළුවන්කාරකම් මත ඔහුව අත්අඩංගුවට නොගන්නා බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා..

පහරදීම සිදුකළ පුද්ගලයා දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ වාහන භාවිත කරමින්ද නීතිවිරෝධී ජාවාරම් සිදුකරන බවට ප්‍රදේශවාසීන් විසින් චෝදනා කරනවා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
00:00
Video thumbnail
ජේලර් උපාලිගේ සමු ගැනීමෙන් මුළු ගමක් සෝසුසුම් හෙළයි - මව හැඬූ කඳුලින් මාධ්‍යයට කිව්ව දේ
06:52
Video thumbnail
සරුවට වැඩුණ ගංජා හේනක් වටලා ගංජා ගස් 55000ක් අළුකරලා දායි - සැකකරු කුදලන් යයි
01:21
Video thumbnail
සාදයේදී නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක බර කතාවක
00:29
Video thumbnail
නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක සාදයේදී බර කතාවක - සෙට් එකට හොඳටම හිනා හැබැයි
01:01
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32