AFC Banner
Empty Ad
Empty Ad

ඡන්දයක් ළඟ ළඟම

පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වීමට ආසන්න නිසා ඒ සඳහා මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීමේ මූලික කටයුතු ආරම්භ කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ට දන්වා යවා තිබේ.

ලබන වසරේ මාර්තු 20දා පළාත් පාලන ආයතයන්හි නිල කාලය අවසන්වීමට නියමිත බවත් මේ අනුව මහජන නියෝජිතයන් පත්කර ගැනීම සඳහා මූලික කටයුතු ආරම්භ කිරීමට සැලසුම්කර ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසයි.

ඒ අනුව ඡන්ද විමසීමට අවශ්‍ය ආකෘති පත්‍ර සැකසීම, නිලධාරින් හා වාහන සංගනනය, ඡන්ද විමසීමේ මධ්‍යස්ථාවන අඩුපාඩු හඳුනා ගෙන ඒවා සකස්කිරීම වැනි මූලික කාර්යයන් මේ අනුව සිදුකිරීමට නියමිතය.

එසේම මේ වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛණය එළැඹෙන දෙසැම්බර් 31 ට පෙර ලියාපදිංචි කර ගැනීමට අවස්ථාව ලැබුණහොත් පළාත් පාලන මැතිවරණය සඳහා එම නාම ලේඛණය භාවිත කිරීමට හැකි බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
42
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?