රුව වඩවන හිසකෙස් නිසා පීඩා විඳින ඔබටයි මේ

සුන්දර නිරෝගී කෙස් කලඹක් පවත්වා ගැනීම ඕනෑම කාන්තාවකගෙ සිහිනයක්.

ඒ සඳහා අනිවාර්යයෙන් ම කොණ්ඩයේ අගිස් පැලීම නවත්වා ගත යුතුයි. බොහෝදෙනෙක් රූපලාවණ්‍යය නිෂ්පාදන භාවිතා කරනවා සහ කොණ්ඩය කපනවා.

නමුත් එයින් විසඳුමක් ලැබෙන්නෙ නැහැ.

නිරෝගි කෙස්කලඹක් පවත්වා ගැනීමට අගිස් පැළීම වළක්වා ගන්නේ කෙසේද ?

මේ දේවල් ගැන ප්‍රවීණ රූපලාවණ්‍යය ශිල්පිනි ඩල්සි හත්තැල්ල හෙළි කළ කතාවයි මේ..

අපි අනිවාර්යෙන් කතා කළ යුතු මාතෘකාවක් තමයි මේ කොණ්ඩය අගිස් පැළීම සහ අගිස් කැපීම පිළිබඳව.

මෙයට හේතුව තමයි නිසි සාත්තුවක් නොමැතිකම සහ විටමින් අඩුකම. බොහෝදෙනකු සිතන්නෙ කොණ්ඩය දිගට තබා ගැනීම පමණයි. කොණ්ඩය අගිස් කපලා නිසි විදියට පවත්වා ගන්න බොහෝ දෙනකු දන්නෙ නැහැ. අගිස් කපන කොට බොහෝ කාන්තාවන් පවසනවා මගෙ හස්බන්ඩ් කැමති නැහැ;

මගේ දෙමව්පියන් කැමති නැහැ මම කොණ්ඩය කපනවට යනුවෙන්. ඇත්තටම අපි ඩැමේජ් කොණ්ඩය ඉවත් කළ යුතුයි. නැතිනම් කොණ්ඩය වැවීමක් සිදු වන්නෙ නැහැ. තෙල් ගාලා හැමදේම කරනවා වගේ ඩැමේජ් කොණ්ඩය ඉවත් කළේ නැතිනම් කොණ්ඩය වැවීම එයත් බාධාවක්.

ඒ වගේම කොණ්ඩය කැඩෙනවා සහ හොඳ කොණ්ඩයත් අර ඩැමේජ් කොණ්ඩය සමඟ තිබෙනකොට සාත්තුවක් කරන්න අපහසුයි. පසු කාලයේ පසුතැවෙන්න සිදු වෙනවා අනිවාර්යයෙන් නිසි සාත්තුවක් නොමැතිකම නිසාවෙන්. තමන්ගෙ ලස්සන පිළිබඳ තමන් සිතිය යුතුයි. තෙල් ගල්වන විට කොණ්ඩයේ අගිස්සටත් තෙල් ගල්වන්න අනිවාර්යයෙන්ම. හිසකෙස්වල අගිස් පැළීමට බලපාන ප්‍රධාන ම හේතු කිහිපයක් තිබෙනවා.

දැඩි හිරු රශ්මියට නිරාවරණය වන සේ සිටීම

කොණ්ඩය වියළන විට අධික උණුසුමක් ලැබෙන සේ උණුසුම් කරකවනය සැකසීම

කොණ්ඩා මෝස්තර සඳහා නිතර උණුසුම් කරවන උපකරණ ( heating tools ) යොදා ගැනීම

කොණ්ඩය පීරීමට නොගැළපෙන පනා බුරුසු තෝරා ගැනීම

ස්නානයෙන් පසු හිසකෙස් වියළා ගැනීමට තුවාවලින් තදින් පිසදා දැමීම

වැනි කරුණු ඔබ අනුගමනය කරනවා නම් හැකිතාක් එයින් මිදෙන්නට උත්සාහ කරන්න.

හිසකෙස් පිළිබඳව වෘත්තීය මට්ටමේ දැනුමක් ඇති රූපලාවණ්‍යය ශිල්පිනියක් මුණ ගැසෙන්න. ඔවුන්ගෙන් උපදෙස් ලබා ගැනීමට පුරුදු වන්න.

සුදුසු ම දෙය නම් ඔබේ හිසකෙස් පැළුණු පසු රූපලාවණ්‍යාගාරයකට ගොස් එය කපා ගන්න. ඔබට කැපීමට අවශ්‍ය ප්‍රමාණය රූපලාවණ්‍යය ශිල්පිනියට පවසන්න. එවිට ඇය හෝ ඔහු ඔබට අවශ්‍ය ප්‍රමාණයට කොණ්ඩය කපාවි.

කොණ්ඩයෙහි අගිස් පැළීම වළක්වා ගැනීම සඳහා නිතරම ඔබ ප්‍රමිතියකින් තොර පනා හෝ බුරුසු භාවිත නොකරන්න. සමහර බුරුසු සහ පනා නිසා හිසකෙස් ගැලවී යනවා සහ හිසට වේදනාවක් ගෙන දෙයි. හිසකෙස් වලට අහිතකර ද්‍රව්‍ය තුළින්ද පනා බුරුසු නිෂ්පාදනය කරනවා.
ඒ නිසා ප්‍රමිතියක් සහිත පනා බුරුසු භාවිත කරන්න.

ඊළඟට නෑමෙන් පසු හිසකෙස් මඳක් පිසදා ඉතුරු ටික වියළා හරින්න.තුවායෙන් හෝ හිසකෙස් වියළනයක් භාවිත කළ පසු හිසකෙස් කැඩී යාමට හැකියි. එම නිසා හිසකෙස් වියළනයක් භාවිත කරන්නේ නම් හිසට මඳක් දුරින් තබා වියළා ගැනීම සිදු කරන්න.

හිසකෙස් සේදීමේදි ඇල් ජලය භාවිත කරන්න. ඇල් ජලය සමට පමණක් නොවෙයි හිසකෙස් වල පෝෂණයටත් වැදගත්.

ඒ නිසා හැකි සෑම විටම හිසකෙස් සෝදා ගැනීමට ඇල් ජලය භාවිත කරන්න. අඩුම මාස තුනකට වරක් වත් අගල් භාගයක් ගෝ ඩැමේජ් හිසකෙස් කපා හරින්න. මේ පිළිබඳ කාන්තාව වගේම ඇගේ පවුලෙ අයත් දැනුම්වත් විය යුතුයි. මක්නිසාදයත් කොණ්ඩයේ දිග පවත්වා ගැනීම පිණිස බොහෝදෙනෙක් ඇගේ කොණ්ඩය කැපීමට දෙන්නෙ නැහැ. විශේෂයෙන්ම සැමියා සහ දෙමව්පියන්. ඉතින් නිරෝගි කෙස්කලඹක් පවත්වා ගැනීමට අගිස් කැපීම ඉතාම වැදගත්.

ඔබේ වැරදි මත ආකල්ප ඉවත් කර නිරෝගි කෙස් කලඹක් වෙනුවෙන් සුන්දරව කෙස් කලඹ පවත්වා ගන්න.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51