වේදිකාවේ දොඩම් විකුණා ඉහළම සම්මානය දිනූ විසල් හදවතක් ඇති මිනිසෙක්

සුදු පාට කමිසයකින් සහ ජෝතියකින් සැරසිලා ඉන්න මේ මනුස්සයගේ නම හරේකලා හජබ්බා. එයා රස්සාව තමයි පදික වේදිකාවේ දොඩම් විකුණන එක. “පද්ම ශ්‍රී” සම්මානය කියන්නේ ඉන්දියාවේ සිවිල් පුද්ගලයෙකුට පිදෙන සිවුවැනි ඉහළම සම්මානය. ඉතින් ගිය අවුරුද්දේ මේ දොඩම් වෙළෛන්ඳා “පද්ම ශ්‍රී” සම්මානයෙන් පිදුම් ලැබුවා. එදා ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් අතින් සම්මානය ලබාගන්න හජබ්බා ගියේ කකුල් දෙකේ සෙරෙප්පු දෙකක් වත් නැතිව.
ඒත් හජබ්බා වගේ පුංචි මිනිහෙක් කොහොමද අච්චර ලොකු සම්මානයක් දිනා ගත්තේ…? ඇත්ත හජබ්බා කියන්නේ අසරණ, දුප්පත් පුංචිම පුංචි මිනිහෙක් තමයි. ඒත් ඔහුට තියෙන්නේ ගොඩාක් විශාල හදවතක්. ඒ නිසා තමයි එයා දොඩම් විකුණලා ඉතිරි කරපු සල්ලිවලින් එයාගේ ගමේ පුංචි දරුවන්ගේ ඇස් දෙක පාදන්න ඉස්කෝලයක් හදලා දුන්නේ. ඒ නිසා තමයි හජබ්බා “පද්ම ශ්‍රී” සම්මානයෙන් පිදුම් ලබන්නේ.
හජබ්බා කියන්නේ ඉගෙන ගත්තු මිනිහෙක් නෙමෙයි. එහෙනම් කොහොමද එයාට එයාගේ ගමේ ළමයින් වෙනුවෙන් ඉස්කෝලයක් හදනවා කියන අදහස ඔලුවට ආවේ….? ඇත්තම කිව්වොත් ඔහුට ඉගෙනීමේ අගය තේරුම් යන්නේ අවුරුදු 31 කට විතර කලියෙන් ඔහු මුහුණ දුන් ලැජ්ජා සහගත සිදුවීමක් නිසා.
“ඒ 1990 අවුරුද්ද. බස් නැවැතුමේ දොඩම් විකුණ විකුණ ඉන්න කොට විදේශිකයෝ පිරිසක් මගේ ළඟට ඇවිත් දොඩම් කීයද..? කියලා ඇහුවා. මට ඔවුන් කියන දේ තේරුම් ගන්න බැරි වුණා” අතීතය ආවර්ජනය කරන හජබ්බා කියනවා. “ඒ ගැන මට ගොඩාක් දුක හිතුණා. මොකද මට ඉගෙන ගන්න බැරි වුණේ දුප්පත්කම නිසා. අනික අපේ ගමේ ඉස්කෝලයක් තිබුණෙත් නැහැ. මගේ ගමේ දරුවෝ ඉගෙන ගන්නවා දකින්න එදා මට ඕනෑ වුණා. ඒ නිසා ඒ අයට ඉස්කෝලයක් හදන්න මම මුල් වෙනවා කියලා එදා හිතා ගත්තා…”
එදා ඉඳලා මේ දොඩම් වෙළෙන්දා එයා උපයන මුදලින් සැළකිය යුතු කොටසක් පාසල හදන්න වෙන් කළා. හජබ්බා ජීවත් වෙන්නේ ඉන්දියාවේ මංගලුරු පළාතේ හරේකලා කියන පුංචි ගම්මානයේ. මේ වැඬේ තනියම කරන්න බැහැ කියලා තේරුම් ගත්තු හජ්බ්බා ගමේ ගෙයක් ගෙයක් ගානේ ගියා, ප්‍රදේශීය දේශපාලකයෝ, ඡන්ද ඉල්ලන අපේක්ෂකයෝ, පුද්ගලික දානපතියෝ ළඟට වගේම රජයේ කාර්යාලවලටත් ගිහින් තමන්ගේ වැඬේට උදවු ඉල්ලුවා. සමහරු උදවු කළා. සමහරු උදවු කළේ නැහැ. ඒත් අවසානයේදී මීට අවුරුදු 2 කට කලින් මේ දොඩම් වෙළෙන්ඳා ගමේ අක්කර 1.33 ක හරිත ඉඩමක් මැද්දේ තමන්ගේ සිහින පාසල යතාර්ථයක් බවට පත්කළා.
හිත හොඳ දොඩම් වෙළෙන්ඳට “පද්ම ශ්‍රී” සම්මානය ලැබුණේ අන්න ඒ නිසා.
“මේක මට ලැබුණු සම්මානයක් නෙමෙයි. මේක ඉස්කෝලෙට ලැබුණු සම්මානයක්. මම මේ වගේ ලොකු සම්මානයක් ලැබෙන්න තරම් ලොකු මිනිහෙක් නෙමෙයි…” සම්මානය ගත්තට පස්සේ මේ පුංචි මිනිහා කිව්වා.
ගමේ ඉස්කෝලේ විවෘත කරන දවසේ නගරේ ඉඳලා ලොකු ලොකු මිනිස්සු ඉස්කෝලෙට ආවා. පුංචිම පුංචි ශරීරයක් හිමි, ඒත් ලොකු හිතක් තියෙන දොඩම් වෙළෙන්දා පුරුදු විදිහටම සුදු පාට කමිසයකින් සහ ජෝතියකින් සැරසිලා කකුල් දෙකට සෙරෙප්පු දෙකක් වත් නැතිව ගොඩාක් සතුටින් ඒ දිහා බලන් හිටියා. දොඩම් වෙළෙන්දගේ උත්සාහයෙන් ලැබුණු පාසල ආණ්ඩුවට පවර ගෙන ඒකට “රජයේ උසස් ද්විතියික පාසල” කියලා නමක් තිබ්බා. ඒත් ගමේ මිනිස්සු හජබ්බා කරපු දේ අමතක කළේ නැහැ. ඒ නිසා ගමේ මිනිස්සුන්ට නම් තවමත් ඒක “හජබ්බගේ ඉස්කෝලේ”…

අනිල් කරුණාරත්න –



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48