“යාළුවාට කෝල් කරලා කියූ නිසා පෙම්වතා බේරුණා, තරුණිය මිය ගියා..”

දිඹුල පොලිස් වසමට අයත් ස්ටොනික්ලිප් වතු යායේ නිවාඩු නිකේතනයකට (කාබාන) අනවසරෙන් ඇතුල් වූ තරුණයකු සහ තරුණියක් වස පානය කර ඇති බවත්, ඉන් තරුණිය සංචාරක නිකේතනය තුළදීම (16 දා) ජීවිතක්ෂයට පත් වී ඇති බව දිඹුල පතන පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ දිඹුල පොලිස් වසමට අයත් යුනිෆිල්ඞ් වතු යායේ පදිංචි කාර්තිගා නමැති (17) හැවිරිදි තරුණියෙක්. මියගිය තරුණිය සහ තරුණයා පෙම් යුවලක් බවත්, එම ප්‍රේම සබඳතාවට දෙපාර්ශවයේම දෙමව්පියන් විරුද්ධ වූ නිසා මිය ගිය තරුණිය සහ තරුණයා 15 දින උදෑසන කාලයක් තිස්සේ තාවකාලිකව වසා දමා ඇති නිවාඩු නිකේතනය අනවසරෙන් ඇතුල් වී දෙදෙනාම එකවර වස පානය කර තිබෙනවා.

පසුව පෙම්වතා විසින් ඔහුගේ මිතුරෙකුට සිද්ධිය සම්බන්ධයෙන් දුරකථනයෙන් දැනුම් දීමෙන් පසු දිඹුල පොලිසිය විසින් 16 දා දින රාත්‍රියේ එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී පෙම්වතිය මියගොස් සිටි බවත්, වස පානය කර අසාධ්‍ය තත්ත්වයේ සිටි පෙම්වතා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහුගේ තත්ත්වය බරපතළ නිසා එම තරුණයාව දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව දිඹුල පතන පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පෙම්වතාගෙන් ලබාගත් ප්‍රකාශය අනුව ප්‍රේම සම්බන්ධතාවට දෙපාර්ශවයේම දෙමව්පියන් ඇතුළු ඥාතීන් විරුද්ධ වූ නිසා සියදිවි හානිකර ගැනීමේ චේතනාවෙන් දෙදෙනාම වස පානය කළ බවට පොලිසියට ප්‍රකාශයක් ලබාදුන් බවද දිඹුල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්දසිරි පවසනවා. මියගිය තරුණියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00
Video thumbnail
ජනපති අනුර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර තිබූ හමුව - පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කරයි
01:53
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ සැලෝන් එකක් වටලයි - පලු දානවනේ මෙහෙම වුණාම..ඔක්කොම Expiredනේ..
04:47
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක්
01:02
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න
01:49
Video thumbnail
මල්වතු මහනාහිමියෝ කිව්ව ප්‍රබල ප්‍රකාශය
01:48
Video thumbnail
නීතිඥ සංගමය විපක්ෂයට කඩේ යනවද ? විපක්ෂය කොරහේ කිඹුල්ලු දකින එක නවත්වන්න
06:07