කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය ගැන සියළු තොරතුරු හෙළිවේ

ප්‍රසිද්ධ කොණ්ඩා කැපුම්හල් කිහිපයක හිමිකරු වන කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට සියළු තොරතුරු අනාවරණ වී තිබෙනවා.

21 හැවිරිදි තරුණියක් බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සහ කළ අවස්ථාවේදී ඇයගේ සහෝදරයා විසින් සිදුකළ පහරදීමකිනුයි බරපතල තුවාල ලැබූ මෙම ව්‍යාපාරිකයා පෙරේදා රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. ඒ, අනුරාධපුර ගල්කඩවල – ඇලයාපත්තුව ප්‍රදේශයේදියි. මෙම කෝටිපති ව්‍යාපාරිකයා පසුගිය කාලයේදී සමාජ මාධ්‍යයෙහි ප්‍රසිද්ධියට පත්වූයේ සිය පෙම්වතියගේ උපන්දිනය දා රුපියල් කෝටි ගණනක් වටිනා අධි සුඛෝපභෝගී මෝටර් රථයක් ත්‍යාගයක් ලෙස ලබාදීමේ සිද්ධියත් සමඟයි.

කෙසේ වෙතත් ඝාතනයට ලක්වූ මෙම කෝටිපති ව්‍යාපාරිකයා පෙරේදා රාත්‍රියේ කොළඹ සිට අනුරාධපුරයට පැමිණ ගල්කඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණියගේ නිවසට පැමිණ තිබෙනවා. ඔහු මෙලෙස නිවසට පැමිණ ඇත්තේ අදාළ තරුණිය යළිත් තම සේවා ස්ථානය වන ප්‍රසිද්ධ කොණ්ඩා කැපුම්හල වෙත රැගෙන යාම සඳහායි.

අදාළ තරුණිය මාස කිහිපයක් මෙම කෝටිපති ව්‍යාපාරිකයාට අයත් කොණ්ඩා කැපුම්හලක සේවය කර ඇති අතර, පසුව ඇය යළිත් නිවස වෙත පැමිණ ඇත්තේ එහි සේවය කිරීමට අකමැති බව දන්වමින්. ඒ අනුවයි එම තරුණිය යළිත් කොණ්ඩා කැපුම්හලේ සේවය කිරීම සඳහා එක් කරගෙන යාමට මෙම කෝටිපති ව්‍යාපාරිකයා පෙරේදා රාත්‍රියේ අදාළ තරුණියගේ නිවස වෙත පැමිණ ඇත්තේ.

එම අවස්ථාවේදී ඝාතනයට ලක්වූ කෝටිපති ව්‍යාපාරිකයා, තරුණියව බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සාහ දරා ඇති අතර, එහිදී ඇගේ සොහොයුරා විසින් තියුණු ආයුධයකින් ඔහුට පහරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

බරපතල තුවාල ලැබූ මෙම ව්‍යාපාරිකයා ඇලයාපත්තුව රෝහල වෙත රැගෙන යමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තරුණියගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන ඇති බවද ඇලයාපත්තුව පොලිීසිය ප්‍රකාශ කළා.

රටේම කතාබහට ලක්වූ සිය බිරිඳගේ උපන්දිනයට කෝටි දෙකක් වටිනා බෙන්ස් වර්ගයේ මෝටර් රථය ලබාදුන් මොහොත පහතින් නරඹන්න.

https://youtu.be/gN8g8UhI188
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
44
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34