මුතුරාජවෙල ගොඩකරන්න නැවත මම දෙන්නේ නැහැ

මුතුරාජවෙල රක්ෂිතයේ දැනට සිදුකර ඇති අනවසර ඉදිකිරීම්වල පදිංචි පුද්ගලයින්ගේ දෛනික කටයුතුවලට කිසිදු බාධාවක් සිදුනොකරන බව නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

එහෙත් යළි අනවසර ඉදිකිරීම් සිදුකිරීමට ඉඩ ලබානොදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේය.

“මේ හඳුනාගත් ප්‍රදේශය තුළ සියලුදේම වගුරුබිම් නොවෙයි. මේ ප්‍රදේශ තුළ තැනින් තැන වගුරුබිම් තියෙනවා. තැනින් තැන දැනටමත් ගොඩකරලා තියෙන ජනාවාස තියෙනවා.
මේ ගොඩකරලා ජනාවාස තිබෙන එහෙමත් නැත්නම් දැනටමත් යම් යම් ආයතන ක්‍රියාත්මක වන ප්‍රදේශවලට අපි කිසිම බලපෑමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒක අපිට කරන්න ප්‍රමාද
වැඩියි. දැනටමත් ජනතාව මේවාගේ ජීවත් වෙනවා. ජනතාව මේවාගේ ව්‍යාපාර කරනවා. ඒ අයගේ දෛනික වැඩපිළිවෙළට බාධා කරන්න කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ.
අපි බලාපොරොත්තු වෙන්නේ මෙතනින් එහාට මේ වගුරුබිම් පිරවීම පහත්බිම් ගොඩකිරීම වළක්වන එක.
එතකොට අපි මෙතනින් එහාට ව්‍යාපෘතිවලට ඉඩ දෙන්නේ නැහැ කියන එකින් අදහස් කරන්නේ නැවත ගොඩකිරීම් කරලා ඒවාවල ව්‍යාපෘති කරන්න අපි ඉඩදෙන්නේ නැහැ කියන එක.
ඒ නිසා මේ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට මොනයම් ආකාරයකින්වත් ඔවුන්ගේ ජීවන රටාවට වෙනසක් වෙන්නේ නැහැ. නමුත් අපි ඔවුන්ටත් ඉඩ දෙන්නේ නැහැ මේ ප්‍රදේශවලට කසළ බැහැර කරන්න.
ඒවාගේම අලුතින් ඉඩම් අල්ලාගන්නට.”

කියමින් වැඩිදුරටත් ඒ මහතා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුම්රිය මාර්ගයේ කොටස් ගලවාගෙන ගිහින් විකිණූ හැටි
01:21
Video thumbnail
අධික වේගයෙන් ගිය ප්‍රයිවට් බස් එක ලංගම බසයක ගැටෙයි
00:56
Video thumbnail
බොරුවට රඟපාන්න එපා - පලවත්තට ගිහින් ප්‍රශ්නේ විසඳගන්න
07:51
Video thumbnail
පැලවත්තේ කණ්ඩායමක් තමයි මල්වානට ගිහිල්ලා තියෙන්නේ
04:10
Video thumbnail
මේ ආණ්ඩුවට වැඩි කාලයක් නෑ - වැඩ්ඩෝ ඉන්න සජබයට බලය දෙන්න
16:24
Video thumbnail
අද ආයෝජකයන් බයවෙලා - රට නැවත විනාශ කරන්න එපා
10:46
Video thumbnail
අන්තරේ සෙට් එක දැඩි තීන්දුවක් ගනී - සාකච්ඡාව ගැන අසාර්ථක වුණොත් කරන්න යන දේ
06:19
Video thumbnail
මහින්ද රාජපක්ෂට කිසිම ලෙඩක් නෑ - ඉලංදාරියෙක් වගේ ඉන්නවා
09:30
Video thumbnail
ගෝඨා ගිය පාරේමයි යන්නේ - ඊට වඩා ලොකු කෑමක් කන එක ෂුවර්
12:26
Video thumbnail
දුම්රිය මාර්ගයේ කොටස් ගලවපු කෙනා උසාවියට - 29 දක්වා රිමාන්ඩ්
00:49