අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගන්නැයි චීනය රටවැසියන්ට දැනුම් දෙයි

හදිසි අවස්ථාවක් එළඹුන හොත් ඊට මුහුණ දීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර තබා ගන්නැයි චීනය සිය රටවැසියන්ට දැනුම් දී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ එරට වෙළඳ අමාත්‍යංශය විසින් එය නිවේදනය කර ඇති බවයි.

කෙසේවෙතත් හදිසියේ භාණ්ඩ එක්රැස් කර තබා ගන්නා ලෙස ජනතාවට දැනුම්දීමට හේතුව කුමක්ද යන්න කිසිඳු පාර්ශවයක් විසින් මෙතෙක් ප්‍රකාශ කර නැහැ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් හඳුනා ගන්නා ප්‍රදේශ එකවර වසා දැමීම හා අධික වර්ෂාවෙන් වගා හානි වීම හමුවේ එළවළු සැපයුමට බලපෑම් එල්ල වීම මධ්‍යයේ චින බලධාරීන් මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් වෙළඳ අමාත්‍යංශයේ දැනුම්දීමත් සමග චීන වැසියන් බියට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. මේ හේතුවෙන් වෙළඳසැල්වල දිගු පෝලිම් ද දැකිය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ මිල ඉහළ දැමීමක් සිදුනොකර ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන ලෙසයි චීනයේ වෙළඳ අමාත්‍යංශය සැපයුම්කරුවන්ට දැනුම් දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38