ඔන්න මමනම් ගොවියෝ අමාරුවේ දාන්නේ නෑ..

මගේ ආණ්ඩුවක් යටතේ දී ගොවියට මේ තරම් ප්‍රශ්න ඇති වෙන්ට ද ඉඩ තියන්නේ නැහැ. ගොවියා ගැන මම කොච්චර මේ ආණ්ඩුව එක්ක කතා කරත් මේ ආණ්ඩුව මට ඇහුම්කන් දෙන්නේ නෑ. කෘෂිකර්ම ඇමති නියරක යන්ඩ දන්න කෙනෙක් නොවේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

බකමූණ නගර මධ්‍යයේ අඛණ්ඩ උපවාසයක යෙදී සිටින ගොවීන් හමුවීමට ගිය හිටපු ජනාධිපතිවරයා ඒ බව  සඳහන් කළේය.

මොරගහකන්ද සහ ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ ගොවි සංවිධාන 41ක් ඒකාබද්ධව  ගොවිතැනට පොහොර ලබා දෙන ලෙසට බලපළකරමින් ඉකුත් 24 වැනිදා අඛණ්ඩව උපවාසයක් ආරම්භ කළේය.

ගොවි උපවාසයට අදට දින අටක් ගත වී ඇතැයි ගොවීහු එහිදි හිටපු ජනාධිපතිවරයා කියා සිටියහ.

ගොවීන් හමුවූ හිටපු ජනාධිපතිවරයා මෙසේ ද කීය.

මම කීප වතාවක්ම කෘෂිකෘෂිකර්ම ඇමතිවරයා සමඟ ගොවියාගේ පොහොර ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කළා. නමුත් යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. යම් යම් රාජ්‍ය අමාත්‍යවරුන් මට මඩ ප්‍රහාර එල්ල කරනවා. ගොවීන් මුහුණ දෙන ප්‍රශ්න නිසා මම කිව්වා පොලොන්නරුවට යන්න විදිහක් නෑ කියලා කිවුවා . ඒක පදනම් කර කරගෙන තමයි ඒ රාජ්‍ය අමාත්‍යවරුන් මට මඩ ප්‍රහාර ගහන්නේ. ඒවා මම ගණන් ගන්නේ නැහැ.

ගොවියකු මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන්. නැවත බලයට පත්වුව හොත්වී ගොවීන් වෙනුවෙන් කුමක් කරන්නේද ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ.

තමා ගොවීන් අමාරුවේ නොදමන බවත්, කාබනික පොහොර භාවිතයෙන් වී ගොවිතැන් ‍ක්‍රමානුකූලව වගා කිරීමට ගොවියා හුරු කරවන බවද මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත්දුරටත් සඳහන් කළේය.

ලෝකයේ කිසිදු රටක සීයට සීයක් කාබනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කරන්නේ නැහැ ,ඕස්ට්‍රේලියාව පවා වගා කටයුතු කරන්නේ කාබනික පොහොරවලින් සීයට 50කින් පමණ බව ද සිරිසේන මහතා මෙහිදී සඳහන් කළේය.

තමා ගොවීන් වෙනුවෙන් පෙනී සිටියේ 1980 දශකයේ සිට පමණ බවත් ගොවීන් වෙනුවෙන්, ගොවීන් වස බී මැරෙන අවස්ථාවක තමා ගොවි ජනතාව බේරාගැනීමට පොළොන්නරුව නගරයේ උද්ඝෝෂණය කරමින් පළමුවරට මිනීපෙට්ටිවලට පවා තමා කර ගැහූ බවද සිරිසේන මහතා සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12