දෑවැද්දට බිට්කොයින් ලබාදෙන අපූරු මංගල යෝජනා දැන්වීම

ඉරිදා ජාතික පුවත්පතක පසුගිය සතිඅන්තයේ මංගල යෝජනා දැන්වීම් තීරයේ පළ කරන ලද දැන්වීමක් මෙහි දැක්වෙනවා.

එහි ඇති විශේෂත්වය වන්නේ අදාළ මනාලිය වෙනුවෙන් ඇගේ දෙමව්පියන් විසින් දෙනු ලබන දායාදය හෙවත් දෑවැද්ද ක්‍රිප්ටෝකරන්සි වශයෙන් ලබා දෙන බවට සඳහන් කර තිබීමයි.

මෙය සැබෑ විවාහ අරමුණකින් පළ කරන ලද්දක් ද, එසේ නැතහොත් ක්‍රිප්ටෝකරන්සි ප්‍රචලිත කරලීම සඳහා පළ කරනු ලැබූ ව්‍යාජ මංගල දැන්වීමක් ද යන පැනය අදාළ දැන්වීම කියවීමේ දී පැනනගී.

කෙසේ වෙතත් දේපොළ ඉඩකඩම්, රථවාහන, රත්‍රන් වැනි සම්ප්‍රදායික දායාද වත්කම්වලින් ඔබ්බට ගොස් මෙයාකාරයේ අතථ්‍ය වත්කම්වලට වැඩි නැඹුරුවක් ඉදිරියේ අනාගතයේ දී අපට දක්නට ලැබුණොත් එය පුදුම විය යුතු කරුණක් නොවේ. ඊට සරල හේතු කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය.

අද (28) වන විට බිට්කොයින් එකක වටිනාකම ඩොලර් 59,000 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන 12 ක් පමණ වේ. නමුත් මීට වසර 6කට පමණ පෙර බිට්කොයින් එකක මිල පැවතියේ ඩොලර් 400කටත් වඩා අඩු මට්ටමකය. එනම් රු. 45,000 ක පමණ මුදලකි. යම් අයෙක් මීට වසර 6කට පමණ පෙර බිට්කොයින්වල රු. 50,000 ක් අයෝජනය කර තිබුණේ නම් අද වන විට රු. කෝටියකට වඩා වැඩි මුදලකට ඔහු හිමිකම් කියනු ඇත. එවැනි ප්‍රතිලාභයක් ඉඩකඩම් දේපළ හෝ වෙනත් වත්කමක ආයෝජනයෙන් ලබා ගැනීමට සිතීම පවා ඉතා අසීරුය.

මේ අතර මෙරට කොටස් වෙළෙඳපොළේ ප්‍රමුඛතම ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා වරක් සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් කියා සිටියේ, සිය දියණිය වෙනුවෙන් දායාද ලබා දීමට තමන්ට සිදුවුණි නම් සමාගම් 3 ක් නම් කරමින් ඒවායේ කොටස් මිලියනය බැගින් ලබාදෙන බවත්, දියණියගේ පළමු දරුවා පාසැලට ඇතුළත් කරන විට ඇය බිලියනපතිනියක වී සිටිනු ඇති බවත්ය. නමුත් තමාට එවැනි අවස්ථාවක් නොමැති බව ඔහු පවසයි.

මංගල දැන්වීම පහතින්…

tag
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09