කටුනායක ගිලගත් ගණිකාවෝ

අද සමාජය ගමන් කරන්නේ හොඳ පැත්තට වඩා අමිහිරි පැත්තට.
මේ අපි කියන්න යන්නේ ඒ විදිහට මුදල්වලට විකිණෙන තරුණ ජීවිත ගැනයි.

කොල්ලෙක් ඕන කැත වැඩක් කරලා ආවම නාවලා ගෙට ගන්න පුළුවන් කියලා කතාවක් ඔබත් අහලා ඇති.
ඒත් කාන්තාවකට එහෙම බැහැ. ජීවිතේ එක පාරක් වැරදුනොත් ඒ තැන හදන්න ආයේ කවදාවත්ම බැරිවෙන්න පුළුවන්.
ලොව පැරණිම වෘත්තිය ගණිකා වෘත්තියයි. සමහරු තමන්ගේ අම්මා තාත්තා ජීවත් කරවන්න එහෙමත් නැත්නම් තමන්ගේ පුතාට දුවට කන්න දෙන්න එහෙමත් නැත්නම් බෙහෙත් ටික ගන්න ගණිකා වෘත්තියේ නියැලෙනවා.

හැබැයි මොන හේතුව වුණත් ගණිකා වෘත්තියේ යෙදීම සාධාරණීකරණය කරන්න බැහැ.
සමහර වෙලාවට ප්‍රශ්න නැති පවුල්වල තරුණියෝ මේ මාර්ගයට වැටිලා ඉන්නවා.

ඒ විදිහට ලස්සන තරුණ ජීවිත අකාලයේ විනාශ වෙන හැටි ගැන අහන්න ලැබුණු සිද්ධියක් ගැන අපි ඔබට කියන්නේ ආශාව පසුපස හඹා ගිහින් ජීවිත නැතිකරගන්න කළින් දෙපාරක් නෙවෙයි සිය දහස් වාරයක් සිතන්න ඕන බව මතක් කරමින්.

කටුනායක.
කටුනායක පැත්තට දුර පළාත්වල ඉඳලා බොහෝ දෙනෙක් එන්නේ ඇගලුම් කර්මාන්තයේ රැකියාවක් කරන්න.
ඒ විදිහට ඇවිත් රැකියාව කරනවා වෙනුවට තම සිරුර විකුණන තරුණියන් ගැනයි මේ කතාව.

කටුනායක, මීගමුව පැත්තේ ජයටම මේ වැඩේ කරගෙන යනවා.
තරුණියක් තවත් ගණිකා වෘත්තියේ නියැලෙන තරුණියන් යෙදාගෙන මුහුණුපොත හරහා මෙම ජාවාරම සිදුකරගෙන යන බවයි අපට වාර්තා වුණේ.

එයටම සැකසුණු මුහුණුපොතේ පිටු දහස් ගණක් මේ වෙද්දී සක්‍රීය වෙමින් තිබෙනවා.
ඒ හරහා මෙම තරුණියන්ගේ දුරකථන අංක හුවමාරු වීම සිදුවනවා.

සමහර තරුණියන් වැදගත් පවුල්වල වැදගත් දෙමව්පියන්ගේ දරුවන්.
මේ අපට හෙළිවූ තවත් එක් සිද්ධියක්.

තරුණියක් රූපලාවන්‍යාගාරයක් කරගෙන යනවා. ඇය ළඟ රූමත් තරුණියන් කිහිපදෙනෙකුද සිටින බවත් ඇයට දුරකථන ඇමතුමක් ලබාදුන් පසු අවශ්‍ය වයසක අවශ්‍ය තරුණියක් ලබාදීමට ඇය කටයුතු කරනවා.

වයස අවුරුදු 18, 23, සහ 30 වැනි වයස් කාණ්ඩවල තරුණියන් ඇය මෙලෙස අලෙවි කරනවා.

වයස අවුරුද 18 ක තරුණියක් සඳහා රුපියල් 5000 ක මුදලක් ලබාගනිද්දී ගණිකා සේවයේ යෙදෙන තරුණියට ලැබෙන්නේ 2500 ක පමණ මුදලක් වන අතර ඉතිරි මුදල ලැබෙන්නේ තරුණියව සම්බන්ධ කරන පුද්ගලයාටයි.
තරුණියිව හෝටලයට රැගෙන එන්නේද තරුණයන්ව සම්බන්ධ කරන කාන්තාවගේ මෝටර් රථයකිනි.

මෙම තරුණියන්ට සැබෑ පෙම්වතුන්ද සිටින බවත් ඔවුන්ද තම පෙම්වතිය ගණිකා සේවයේ නියැලෙන බව දන්නා බවත් වාර්තා වනවා.

කණගාටුවට කරුණ නම් මුහුණුපොත හරහා විවිධ පුද්ගලයන් මෙම තරුණියන් සොයා පැමිණෙන අතර මේ නිසා පවුල් ජීවිත අවුල් කරගන්නා අවස්ථාද වාර්තාවීමය.

අම්මා වගේම තාත්තා නොවිදිනා දුක් විඳලා හදපු දියණිය මුදලට විකිණෙන බව දැනගතහොත් එය දරාගැනීමට දෙමව්පියන්ට හැකිවේවිද..?

ප්‍රශ්නවලට කෙටිම සහ පහසුම විසඳුම ගණිකා වෘත්තියද..?

  1. මිනිස්සුන්ට කන්නබොන්න අගහිගකම් එනකොට සංස්කෘතිය ගැනහිත හිත ඉන්නෑ.බඩගින්නයි වැදගත්. ලංකාවට ඕක මැජික් උනාට ලංකාවෙ ඇර අනික් හැමරටකම ඕක නීතිගතයි. මේකට හාපෝ රට කනවා ඊයා අපේ ලමයිනුත් ඉවරයි පහත් ගෑනු කියලා කමෙන්ට් කරන එවුන්ම තමයි මුලින්ම ඔය දේවල් පස්සෙ වැඩියෙන්ම දුවන අය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26