AFC Banner
Empty Ad

බිරිඳ ඉල්ලා අඩි 200ක් උඩට නැගී තරුණයා

බිරිදගේ ඥාතීන් විසින් බලහත්කාරයෙන් රැගෙන ගිය සිය බිරිද ආපසු තමන්ට ලබා දෙන ලෙස ඉල්ලමින් වවුනියාව තේක්කවත්ත ප්‍රදේශයේ තරුණයෙකු ඊයේ සවස අඩි 200 ක් පමණ උස දුරකතන සම්ප්‍රේෂණ කුළුණකට නැග පැය පහක් තිස්සේ විරෝධතාවයක නිරතව තිබෙනවා.

පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ ශබ්ද වාහිනී යන්ත්‍රයක ආධාරයෙන් තරුණයාට ඔහුගේ බිරිද ලබා දෙන බවට පොරොන්දු වීමෙන් පසුව තරුණයා කුළුණෙන් බැසීමට කැමති වුවත් ඔහුගේ මානසික ආතතිය හා තුවාල ලබා තිබීම නිසා කුළුණෙන් බැසීමට නොහැකි වී තිබුණා.

ප්‍රදේශවාසීන්ගේ සහය මත තරුණයාව බිමට බස්සවා ගැනීමෙන් පසුව ඔහු වවුනියාව මහ රෝහලට ඇතුලත් කොට තිබේ.

19 වෙනි වියේ පසුවන මෙම තරුණයා මල්ලාවී ප්‍රදේශයේ තරුණියකට ආදරය කොට ඇයව තරුණියගේ දෙමව්පියන්ගේ අකැමැත්ත මත විවාහ කරගෙන ඇත.

බිරිදගේ දෙමව්පියන් පැමිණ ඇයව බලහත්කාරයෙන් ආපසු රැගෙන යාම නිසා තරුණයා මෙම තීරණය ගෙන තිබේ.

No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?