AFC Banner
Empty Ad
Empty Ad

බංග්ලාදේශය මවිත කළ සටන්කාමී ඉනිම ගැන භානුක කතා කරයි

බංග්ලාදේශයට එරෙහි ඊයේ තරගයේදී ශ්‍රී ලංකා පිළේ කඩුළු 04 ක් ලකුණු 79 ක් තුළ බිඳ වැටී තිබූ අවස්ථාවේ චරිත් අසලංක දියත් කළ පිති හරඹය අති විශිෂ්ඨ බව අනෙක් අන්තයෙන් ඔහුට අනගි සහයක් ලබාදුන් භානුක රාජපක්ෂ පවසනවා.

පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව ලද ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් භානුක රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළා.

ඊයේ තරගය සඳහා දග පන්දු යවන්නෙකු වෙනුවට වේග පන්දු ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු කැඳවීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ද භානුක රාජපක්ෂ මෙහිදී අදහස් පළ කළා.

ශ්‍රී ලංකාව ඊයේ ලද ජයග්‍රහණයත් සමග මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ දෙවන ස්ථානයට පැමිණියා. ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ වටයේදී තවත් තරග 04 ක් ඉතිරිව තිබෙනවා.

පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 02 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇති. ශ්‍රි ලංකා කණ්ඩායම සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ වටයේ සහභාගී වන දෙවන තරගය ඔස්ටේ්‍රලියාවට එරෙහිව ලබන 28 වනදා ඩුබායිහිදී පැවැත්වෙනවා. එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 07 යි 30 ට ආරම්භ වීමට නියමිතයි.

මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ තවත් තරගයක් සාජා හිදී අද රාත්‍රී 07.30 ට ආරම්භ වනවා.

ඒ, ඇෆ්ගනිස්තානය හා ස්කොට්ලන්තය අතරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?