බංග්ලාදේශය මවිත කළ සටන්කාමී ඉනිම ගැන භානුක කතා කරයි

බංග්ලාදේශයට එරෙහි ඊයේ තරගයේදී ශ්‍රී ලංකා පිළේ කඩුළු 04 ක් ලකුණු 79 ක් තුළ බිඳ වැටී තිබූ අවස්ථාවේ චරිත් අසලංක දියත් කළ පිති හරඹය අති විශිෂ්ඨ බව අනෙක් අන්තයෙන් ඔහුට අනගි සහයක් ලබාදුන් භානුක රාජපක්ෂ පවසනවා.

පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව ලද ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් භානුක රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළා.

ඊයේ තරගය සඳහා දග පන්දු යවන්නෙකු වෙනුවට වේග පන්දු ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු කැඳවීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ද භානුක රාජපක්ෂ මෙහිදී අදහස් පළ කළා.

ශ්‍රී ලංකාව ඊයේ ලද ජයග්‍රහණයත් සමග මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ දෙවන ස්ථානයට පැමිණියා. ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ වටයේදී තවත් තරග 04 ක් ඉතිරිව තිබෙනවා.

පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 02 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇති. ශ්‍රි ලංකා කණ්ඩායම සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ වටයේ සහභාගී වන දෙවන තරගය ඔස්ටේ්‍රලියාවට එරෙහිව ලබන 28 වනදා ඩුබායිහිදී පැවැත්වෙනවා. එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 07 යි 30 ට ආරම්භ වීමට නියමිතයි.

මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ තවත් තරගයක් සාජා හිදී අද රාත්‍රී 07.30 ට ආරම්භ වනවා.

ඒ, ඇෆ්ගනිස්තානය හා ස්කොට්ලන්තය අතරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්දව ළඟ තියාගෙන මිහින්තලේ හිමි ජනපතිව සැරටම අමතයි
13:58
Video thumbnail
නාමල්ගේ ගෙදරට තට්ටු කරපු අය ඔබේ නිවසටත් ඉක්මණින් තට්ටු කරයි
00:58
Video thumbnail
චේ ගුවේරාගේ තොප්පියත් නැතිවෙලා ඩබල් පොකට් විතරයි ඉතුරුවෙලා තියෙන්නේ
03:20
Video thumbnail
මහින්දට එරෙහිව වෙන්න අපිට කොන්දක් තිබ්බා
03:36
Video thumbnail
මා ඔය දිගේ ගසාගෙන ආපු අත්බෝ#බයක් හමුවෙයි
00:53
Video thumbnail
නාමල් ඇතුළට ගිය එක ගැන රනිල් කිව්ව දේ..
00:52
Video thumbnail
නාමල් පුතාව බලන්න වැලිකඩට ගිය මහින්ද සංවේදී වෙයි
01:02
Video thumbnail
සජිත්ගේ රැස්වීමට ආ කතක් ආණ්ඩුවට දෙහි ක#යි - දන්නේ ඇමතියෙක් අල්ලලා මුල්ලට දාන එකනේ
01:58
Video thumbnail
විපක්ෂය දැන් මරු විකලෙන් දඟලනවා
05:24
Video thumbnail
සදාකාලිකවම තනි පක්ෂයක් රටේ ආණ්ඩු කිරීමක් කරන්නේ - රට පාලනය කරන්නේ විකෘති ආණ්ඩුවක්
05:35