AFC Banner
Empty Ad
Empty Ad

රටක් දින වූ පුතෙක් ගැන පියෙකුගේ සතුට (VIDEO)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති ඉන්දු පාකිස්ථාන ගැටුම් හමාර වූයේ පාකිස්ථානයට වාර්තා ගත ජයග්‍රහණයක් අත්පත්කර දෙමින්.

පසමිතුරන් වන මේ දෙරට අතරේ ක්‍රිකට් ගැටුමට මුළු මහත් ක්‍රිකට් ලෝකයේම අවදානය යොමුව තිබුණා.

ජයග්‍රහණය සඳහා ඉන්දියාව ලබාදුන් ලකුණු 152ක ඉලක්කය පාකිස්ථාන ආරම්භක පිතිකරු යුගලය විසින්ම සම්පුර්ණ කරගත්තේ ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දියාවට එරෙහි පළමු ජයග්‍රහණයත් වාර්තා කර ගනිමින්.

මෙහිදී නායකත්වයේ වගකීම කරට ගත් පාකිස්ථාන ක්‍රිකට් නායක බාබර් අසාම් පන්දු 52ක් තුළ ලකුණු 68ක් රැස්කර ගත්තා.

මේ තරගය නැරඹීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට පැමිණි බාබර් අසාම්ගේ පියා වන අසාම් සිද්ධික් සිය පුත්‍රයාගේ දක්ෂකම් දැක සංවේදී වන අවස්ථාවක් පිළිබඳ වීඩියෝ දර්ශන මාලාවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

පාකිස්ථාන ජයග්‍රහණයත් සිය පුත්‍රයාගේ දස්කමුත් එකවිට අගයමින් සතුටු කඳුළු සලන ඔහු අස්වැසීමට සහ ඒ සතුට ඔහුත් සමඟ බෙදාගන්නට තරගය නැරඹීමට පැමිණ සිටි පාක්ස්ථානු ක්‍රීඩා ලෝලීන් කටයුතු කරන අයුරු ද දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තමන්ට තමන් ඉන්නවා - කියන තැන ඉඳලා සතුටුවෙන්න
05:25
Video thumbnail
සර්වජන බලයේ මීළඟ බලාපොරොත්තුව #dilithjayaweera
01:55
Video thumbnail
පොහොට්ටුව ඇතුළු තවත් පක්ෂ කිහිපයකට සර්වජන බලයෙන් ඇරයුම් - දිලිත් ජයවීරගේ Master plan එක එළියට
02:44
Video thumbnail
සජබය නුවර ජයගන්න විදිය තිස්ස ගනන් හදලම මාධ්‍යට කියයි #sajithpremadasa
02:13
Video thumbnail
ලංකාව පුරා අවතැන් අයට මන් උදව් කරනවා - ජන දුක හඳුනන දිලිත් ජයවීර #dilithjayaweera
00:52
Video thumbnail
දිලිත්ගෙන් - පුතාණෝට සැර ටොක්කක් #dilithjayaweera #sajithpremadasa
00:59
Video thumbnail
සමගි ජන බලවේගය කෙරෙහි විශ්වාසය තියන්න #sajithpremadasa
01:24
Video thumbnail
සජිත්ට විපක්ෂ නායකකමේ - අර්ථය කියල දුන්න දමිළ ඇමති - අපි අලුත් ආණ්ඩුවට උදව් කරනවා
01:49
Video thumbnail
අපි සූධානම් උතුරේ වගකීම බාර ගන්න - සජිත්ගේ දවල් හීන - තිස්ස එළිපිටම කියයි #sajithpremadasa
01:49
Video thumbnail
VAT බදු පැහැරහැරියාට අර්ජුන ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට නියම වුණ සිර දඬුවම #arrested
01:31

?