රටක් දින වූ පුතෙක් ගැන පියෙකුගේ සතුට (VIDEO)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති ඉන්දු පාකිස්ථාන ගැටුම් හමාර වූයේ පාකිස්ථානයට වාර්තා ගත ජයග්‍රහණයක් අත්පත්කර දෙමින්.

පසමිතුරන් වන මේ දෙරට අතරේ ක්‍රිකට් ගැටුමට මුළු මහත් ක්‍රිකට් ලෝකයේම අවදානය යොමුව තිබුණා.

ජයග්‍රහණය සඳහා ඉන්දියාව ලබාදුන් ලකුණු 152ක ඉලක්කය පාකිස්ථාන ආරම්භක පිතිකරු යුගලය විසින්ම සම්පුර්ණ කරගත්තේ ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දියාවට එරෙහි පළමු ජයග්‍රහණයත් වාර්තා කර ගනිමින්.

මෙහිදී නායකත්වයේ වගකීම කරට ගත් පාකිස්ථාන ක්‍රිකට් නායක බාබර් අසාම් පන්දු 52ක් තුළ ලකුණු 68ක් රැස්කර ගත්තා.

මේ තරගය නැරඹීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට පැමිණි බාබර් අසාම්ගේ පියා වන අසාම් සිද්ධික් සිය පුත්‍රයාගේ දක්ෂකම් දැක සංවේදී වන අවස්ථාවක් පිළිබඳ වීඩියෝ දර්ශන මාලාවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

පාකිස්ථාන ජයග්‍රහණයත් සිය පුත්‍රයාගේ දස්කමුත් එකවිට අගයමින් සතුටු කඳුළු සලන ඔහු අස්වැසීමට සහ ඒ සතුට ඔහුත් සමඟ බෙදාගන්නට තරගය නැරඹීමට පැමිණ සිටි පාක්ස්ථානු ක්‍රීඩා ලෝලීන් කටයුතු කරන අයුරු ද දක්නට ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55