මැණිකේ මගේ හිතේ ගිය දුර

මැණිකේ මගේ හිතේ’ ගීතය සමග ගෝලීය සංගීත දර්ශක වෙත ඉතා වේගයෙන් ගමන් කළ යොහානි ද සිල්වා, ‘තෑන්ක් ගෝඩ්’ නම් නවතම හින්දි චිත්‍රපටයකට සිය ‘මැණිකේ’ ගීතයේ හින්දි පිටපතක් ගායනා කරන බව ඉන්දීය ජනමාධ්‍ය මගින් ඊයේ නිල වශයෙන් නිවේදනය කර සිටියා.

ඉන්ද්‍ර කුමාර් නමැති ඉන්දීය අධ්‍යක්ෂවරයාගේ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ රකුල් ප්‍රීත් සිං රංගනයෙන් දායක වනවා. යොහානි මෙම චිත්‍රපටයට ගයනුයේ ‘තනිකි බග්චි’ විසින් සංගීත සංයෝජනය කරන ලද ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ හින්දි පිටපතක්. මෙම හින්දි ගීතයේ පද රචනා කර ඇත්තේ ‘රශ්මි විරාග්’ විසින්.

‘මැණිකේ මගේ හිතේ’ ජනප්‍රිය ගීතය සමග විශේෂයෙන් ඉන්දීය ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල පරිශීලකයන් අතර ජනප්‍රිය තරුවක් බවට පත් වූ ගායිකා යොහානි සල්මන් ඛාන්ගේ ‘බිග් බොස් 15’ වැඩසටහනට සහභාගී වීමෙන් අනතුරුව තෑන්ක් ගෝඩ් චිත්‍රපටය සඳහා හින්දි ගීතයක් ගායනා කිරීමට ඇයට ආරාධනා ලැබී ඇත. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ භූෂාන් කුමාර්, ඉන්ද්‍ර කුමාර් සහ අශෝක් තකේරියා යන අයයි.

යොහානි මෙම ගීතය ගායනා කරන බව සනාථ කරමින් චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ ඉන්ද්‍ර කුමාර් පවසා ඇත්තේ යොහානිගේ ගීතය සුපිරි තලයට පැමිණ ඇති අතර, මෙම ‘බ්ලොක්බස්ටර් ගීතය’ ලබා දීම ගැන බෙහෙවින්ම ස්තූතිවන්ත වන බවයි. ගීතයේ මෙම හින්දි සංස්කරණය සඳහා සියලු දෙනාම මහත් උනන්දුවෙන් පසුවන අතර ඉක්මනින් චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරන බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබේ.

යොහානි පසුගිය මාසයේ දී ‘සිද්දත්’ චිත්‍රපටයේ තේමා ගීතය ගායනයට එක්වෙමින් බොලිවුඩ් සිනමාවට ද පිවිසියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42