නබි නායක උපන් දිනය අදයි

ඉස්ලාම් ධර්මයේ ශ්‍රාස්තෘවරයා වන මුහම්මද් නබි නායක තුමාණන්ගේ උපත යෙදෙන මීලාද් අන් නබි උත්සවය අද (19 වැනිදාට) යෙදී තිබේ.

ඉස්ලාම් චන්ද්‍ර දින දර්ශනයේ තුන්වන මාසය වන රබිඋනිල් අව්වල් මාසයේ අද වැනි දිනක සෞදි අරාබියේ මක්කා නගරයේදී නබි නායකතුමාණෝ උපත ලැබූහ. සියලුම මනුෂ්‍යයින් සඳහා ප්‍රේමය සහ සාමයේ පණිවිඩය ප්‍රචාරය කළ ඉස්ලාම් දහමේ මහා ශ්‍රාස්තෘවරයා වන මුහම්මද් නබිතුමා අල්ලාහ් දෙවියන්ගේ අවසාන දූතයා ලෙස පිළිගැනේ.

මුහම්මද් නබි නායකතුමන් ක්‍රි.ව.570 දී සෞදි අරාබියේ මක්කා නගරයේදී උපත ලැබූ අතර එතුමන් ක්‍රි.ව. 632 දී සෞදි අරාබියේ මදීනා නගරයේදී අභාවප්‍රාප්ත විය.

මුහම්මද් නබි නායකතුමාණෝ මිනිස් වර්ගයාට අභිවෘද්ධිය, විමුක්තිය, සාමය, සතුට හා සැනසීම ගෙන දෙන අංග සම්පූර්ණ ජීවන ක්‍රමයක් ඉස්ලාම් දහම මගින් ලොවට දායාද කළහ.

මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව ප්‍රේමයක් ගොඩනැගීමට කැපවූ නබි නායකතුමන්ගේ උපන්දිනය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමත්හු අද දින මහත් උත්සවාකාරයෙන් ආගමානුකූලව සමරති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොන්# පාට් දාන්න එපා, ඩිලීට් කරපන් ඕයි - කොහොමද පොලිස් මහත්තයාගේ සද්දේ
00:53
Video thumbnail
අපේ ආණ්ඩුව වට්ටන්න බෑ - අපරාධකරුන්ට අපි උදව් කරන්නේ නෑ
07:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00