ඔෆිස් එකේදී දුන්නු හාදුවක් වට්ස්ඇප් එකේ ලීක් වෙලා, කොරෝනා අස්සෙ පුද්ගලයෙකුට සිද්ධ වෙච්ච අකරතැබ්බය

කාර්යාලයීය සහෝදර සේවිකාවට උපන් දිනය දා දුන් හාදුවෙන් සිය බිරිය සිය භාරයට ගැනීමට සතියක් දෙකක් මහන්සි ගන්නට සිදුවූ සේවකයකු පිළිබඳව අසන්නට ලැබුණේ දකුණේ මැද නගරයකිනි.කොරෝනා ව්‍යසනය මධ්‍යයේ වුවද ඇය සිය උපන් දිනය චාමයට සමරන්න කටයුතු කළේ එය තිස්වැනි උපන් දිනය නිසාය.

සිය උපන් දින කේක් ගෙඩිය ඇය සිය සහෝදර සේවකයන් සමග කපන්න තීරණය කළේ ඒ වනවිට නිවෙසේ අයට වඩා කාර්යාලයේ අයට ළෙන්ගතුව සිටි නිසාවෙනි. එහි සිටි සියල්ලෝම ඇයට සහෝදරයෝය. සහෝදරියෝය.

සුබ පැතුම් මධ්‍යයේ කාර්යාලයේදී කැපුණු ඒ කේක් ගෙඩියේ කෑලි සිය සහෝදර සේවක සේවිකාවන්ට ඇය කැවුවේ සහෝදරත්වයෙනි.

ඒ සමගම සහෝදර සේවක සේවිකාවන් ඇයට සුබ පැතුවේ උණුසුම් හාදු වැස්සකිනි. තම ජංගම දුරකථනවලින් ඡායාරූප ගැනීම මෙන්ම වීඩියෝ කිරීමද මෙහිදී අතොරක් නැතිව සිදුවූයේ එය සාමාන්‍ය දෙයක් වූ නිසාය.

ඒ උපන් දින සැමරුම මෙන්ම දවසේ රාජකාරිද නිමවූයේය. ඔහු නිවෙසට ගියේය. බිරිය නිවෙසේ නොසිටියාය. ඇය සිය නිවෙස බලා ගොසිනි.

ඒ පිළිබඳව සොයා බැලීමේදී දැන ගන්නට ලැබුණේ කාර්යාලයේ සේවිකාව ඔහුට කේක් කවන අයුරු හා ඔහු ඇයට හාදුවක් දෙන අයුරු ඡායාරූප දෙකම ඇයගේ දුරකතනයට වට්ස්ඇප් මගින් ලැබීමත් නිසාය.

එයින් උරණව සිය සැමියාටද නොදන්වා ඔහුගේ මෑණියන්ටද මේ වගේ අශීලාචාර පුතකු හැදුවාට දෙස් දෙවොල් තියා ඇය සිය නිවස බලා ගොස් තිබුණි.

සිය බිරියගේ මොළයේ තරම දන්නා සිය සහෝදර සේවක, සේවිකාවන් විනෝදාස්වාදයක් ලබා ගැනීමට මේ කළ දෙයින් දැන් තමා වැටී ඇත්තේ ලොකු අමාරුවක බව දැනගත් ඔහු බිරිය ගෙන්වා ගැනීමට අපමණ මහන්සියක් ගත්තේය.

එය පල දැරුවේ කාලයක් ගතවී ගොසිනි. එක එක්කෙනාගේ පැහැදිලි කිරීම් මධ්‍යයේය.

මේ සේවිකාව තවත් සහෝදර සේවකයන්ට කේක් කවන අයුරු හා ඔවුන් ඇයට හාදු දී සුබ පතන අයුරු ඡායාරූප පෙන්වීම එයට හොඳම නිදසුනක් වුණාලු.(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
Lankadeepa



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50