යාචකයෙක් වී අවසන් ගමන් ගිය කෝටිපතියා

ප්‍රදේශයේ දානපතියෙකු වශයෙන් සිට පසුව අන්ත අසරණව කඩපිල්මත වසර විස්සක් දිවි ගෙවා මියගිය පුද්ගලයෙකුගේ දේහය තම බිරිද හා දියණිය බාර නොගැනීම නිසා ප්‍රදේශවාසීන් එක්ව අවසන් කටයුතු සිදුකළ පුවතක් බිබිල මැදගම නගරයෙන් වාර්තා වනවා.
අසුව දශකයේ ඔක්කම්පිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ මැණික් වෙළද ව්‍යාපාරිකයෙකු වශයෙන් සිටියදි මිය ගිය ජයසේන නැමැත්තා වෙල්ලස්සේ අහිංසක මිනිසුන්ට උදව් උපකාර කර තිබෙන බවත් පසුකාලීනව ඔහු අන්ත අසරණ තත්වයට පත්ව මැදගම නගරයට පැමිණ වසර විස්සක කාලයක් තිස්සේ සිගමන් යදිමින් කඩපිල්මත දිවි ගෙවා තිබුණා.  පසුගියදා සිගමන් යදිමින් සිටි අසුව හැවිරිදි ජයසේන මැදගම පොළ භුමියේ මිය ගොස් සිටියදි ප්‍රදේශවාසීන් දැක රෝහලට ගෙන ගොස් පී.සී.ආර් පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසු කොරෝනා රෝගියෙකු නොවීම නිසා සිරුර භාරගැනීමට පොලීසිය පවුලේ ඥතීන් කැදවා තිබෙනවා.  එම අවස්ථාවේදි මියගිය පුද්ගලයාගේ බිරිද සහ දියණිය රෝහලට පැමිණ මියගිය අය හදුනාගෙන කටඋත්තරයක් දීමෙන් පසු ඔවුන් දෙදෙනා අතුරුදන්ව ගිය නිසා ප්‍රදේශවාසීන් එක්ව අවසන් කටයුතු සිදු කිරීමට තීරය කර තිබුණා.  මිය ගිය අයගේ දේහය පොළ භුමියේදි මහජන ගෞරවයට තබා ගෞරවාන්විතව ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු මිය ගිය අයගේ දේහය නගරයේ වීදි සංචාරය කිරීමෙන් පසු ආදාහනය සිදුකළා.

 ප්‍රසන්න පද්මසිරි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02