මත්ද්‍රව්‍ය ගන්න එපා කිව්වැයි කිපි මවට සහ බිරිඳට මන්න පහරදී ගෙටත් ගිනි තබලා

මහරගම පොලිස් වසමේ දුම්රියපොළ පටුමග ප්‍රදේශයේ පිහිටි පැල්පත් නිවාස පේළියක ජීවත්වන පුද්ගලයෙකු 11 වන දින අලූයම එකට පමණ තම බිරිඳ සමග ඇතිවූ ආරවුලක් මත මවට සහ බිරිඳට මන්නයකින් කොටා තුවාල සිදුකර පැල්පත් නිවසටද ගිනි තබා පළා ගොස් ඇති බවත් පැල්පත් නිවස ගිනි ගනිමින් තිබියදී අවට ප්‍රදේශවාසීන් සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථයක් කැඳවා මහත් පරිශ්‍රමයක් දරා ගින්න මැඩ පැවැත්වූ බව මහරගම පොලිසිය පවසනවා.

මෙම නිවසේ පදිංචි පුද්ගලයා තම මිතුරෙකු සමග නිවසට පැමිණ නිවස තුළ සිට අයිස් නමැති මත්ද්‍රව්‍ය පානය කිරීමට සූදානම් වූ අවස්ථාවේදී එයට විරුද්ධව බැණ වැදුණු බිරිඳ සමග උරණ වූ මෙම පුද්ගලයා මාළු කැපීම සඳහා උපයෝගී කරගන්නා තියුණු මන්නයක් වැනි ආයුධයක් ගෙන බිරිඳගේ ගෙල ප්‍රදේශයට කෙටීමට යාමේදී බිරිඳ එම මන්නා පහර වැළැක්වීම සඳහා අත අල්ලා ඇති බවත් එවිට ඇයගේ අතේ වැලමිටට පහලින් කැපී ඇති බව දුටු මෙම පුද්ගලයාගේ මව විසින් එම ආරවුල විසඳීමට මැදිහත් වූ අවස්ථාවේදී මවටද පා පහරක් මෙන්ම මන්නා පහරක් එල්ල කර නිවසට ගිනි තබන බව පවසා පළා ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කර සිටිනවා.

සිද්ධිය සිදුවී මද වේලාවකට පසුව බිරිඳ සහ මව කැපුම් තුවාල සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පෞද්ගලික රෝහලක් වෙත ගියද ආරවුලක් මත ඇතිවූ තුවාල හේතුවෙන් ප්‍රතිකාර කිරීමට නොහැකි බවත් පොලිසිය දැනුවත් කර රජයේ රෝහලක් වෙත ගොස් ප්‍රතිකාර ලබාගන්නා ලෙස ලැබුණු උපදෙස් මත නැවත නිවෙස වෙත පැමිණ රෝහල වෙත යන අදහසින් නිවසට පැමිණෙන විටත් සැමියා පැමිණ නිවසට ගිනි තබා පළාගොස් තිබූ බව පහරකෑමට ලක්වූ කාන්තාව පොලිසිය හමුවේ කියා තිබෙනවා.

නිවස තුළින් විශාල ගිනි දළු සහ දුමාරයක් පිටවූ බවත් එම අවස්ථාවේදී යුහුසුළුව ක්‍රියාත්මක වූ පැල්පත්වාසී පුද්ගලයන් විසින් ජලය රැගෙනවිත් ගින්න පාලනය කිරීම සඳහා උත්සහ කළ ද එය වැළැක්වීමට නොහැකි බැවින් දුරකථන මාර්ගයෙන් මහරගම පොලිස් ස්ථානය සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට අයත් ගිනි නිවීමේ ඒකකය දැනුවත් කිරීමෙන් අනතුරුව එම ගිනි නිවීමේ සේවා ඒකකයේ නිලධාරීන් සහ ගිනි භටයින් පැමිණ ගින්න මැඩ පැවැත්වූ බවත් සඳහන්. ගිනි ගැනීම හේතුවෙන් නිවස තුළ තිබූ සියලූ‍ම බඩුබාහිරාදිය විනාශ වී ගොස් ඇඳි වත පමණක් ඉතිරිව තිබූ බවත් ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට යුහුසුළුව කටයුතු සිදු කළේ නැතිනම් විනාඩි කිහිපයක් තුළ මුළු නිවාස පේළියම ගිනි ඇවිලී මීට වඩා දරුණු ඛේදවාචකයට මුහුණ දීමට සිදුවන බවද පැවසෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09