18 වැනි උපන් දිනය සමරන පුතුට මේධා ජයරත්නගේ කලින් සැමියා තැබූ සංවේදී සටහන (PHOTOS)

නිලි මේධා ජයරත්න හා ටෙලි නාට්‍ය හා සිනමා අධ්‍යක්ෂ සුරංග ලක්මාල් ටික කලකට ඉහතදී නීතියෙන් වෙන් වුනා. මේ දෙන්නට දුවෙක් හා පුතෙක් ඉන්නවා. ආදරණිය පුතාගේ උපන් දිනය අදට යෙදි තිබෙනවා. ඒ 18 වැනි උපන් දිනය. ඒ වෙනුවෙන් මේධාගේ කලින් සැමියා සුරංග ආදරණිය සටහනක් මුහුණු පොතට එක් කරමින් සුබ පතා තිබෙනවා.

එය පහතින්

“මා ලය තුරුළු වී මට ජීවය දුන්න ආදරේ සුවඳ මට බෑ පවසන්න 18 ම ද කියල පුදුමයි අදහන්න කූඩුවේ දොර ඇරිය නිදහසෙ පියඹන්න හැමදාමත් බෑ පුතේ මට තුරුළුව ඉන්න කිව්වාමත් ආ කඳුළු ගඟ බෑ හංගන්න මම තාම අප්පච්චි හදගාවම ඉන්න දිවි සුව විඳගන්න මනුදම් රැකගන්න හීනයක්ම ද කියල හිතුණට ජීව්තය ඒ තමයි. අපි හිතන විදිහට නොවුණට හැම දුකක්-පීඩාවක්ම, හැම පසුබෑමක්-දරාගැනීමක් ම අට ලෝ දහමෙ කෑලි මිස වෙන අමුතු දෙයකුත් නෙමෙයි.

ජීවිතේ කියන්නෙම අපි මේ පහුකරං ආපු සහ තව පහුකරන්ඩ තියන මේ සංසිද්ධි ම තමයි පුතේ..ළමයෙක් විදිහට ඉඳල අද ඡන්ද බලය හිමි පුරවැසියෙක් වෙන ඔයා ළඟට එන්ඩ පුංචි නංගිට දශකයකට ආසන්න කාලයක් තියනවා..එයාගෙ ළමා කාලයෙ රහත් ඔයා මෙතෙක් අපූරුවට වින්ද වගේ ඒ විදිහටම අරගෙන නංගිටත් මහ ගෑනියෙක් වෙන කඩ ඉම දක්වා යන්ඩ නිදහස සහ සුන්දර පරිසරය හදල දීමේ වගකීම මගෙ වුණා⁣ට ඒකෙ යම් බරක් ඔයාටත් ගන්ඩ දැං පුළුවං කියල හිතෙනකොට සම්, මස්, නහර වලට දැනෙන ප්‍රබෝධයත් හරි අමුතුයි..

මඟ බල බලා හිටපු ලොකු මිනිහා අද ගෙදරට ආපු බව ලෝකෙට කෑගහල කියන්ඩ හයියක් දැනෙන මේ මොහොතේ, මෙතෙක් මගෙ පුතා ලස්සනට රැකගෙන ආපු සුන්දර කම්, මනුස්සකම් ඒ විදිහට ම රැකගෙන සුන්දර නංගිත් ආදරෙන් රැකෙගෙන ඉස්සරහට යං..දරුවෙක්ගෙ මූණ පළමුවෙන්ම දැක්කම තාත්තෙකුට දැනෙන්නෙ මොකද්ද කියලා මට මීට අවු 18කට පෙර කියල දුන්නට නං මොන විදිහට ස්තුති කරන්ඩ ද කියල කියන්ඩ තේරෙන්නෑ පුතේ..ඒක ඒ තරං අමුතු වෙලාවක්… සුඛී දීඝායුකො භව ආදර පුතේ”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
08:36:15