අපූරු ලෝක වාර්තාවකට සැරසෙන ලාංකික තරුණයා

අඩි හයක ගැඹුර ඇති වලක් තුළට බැස උඩින් පස් වසා ඒ මත ගින්දර දල්වමින් පැය 6ක කාලයක් වල තුළ නිදාගෙන ප්‍රකෘති සිහියෙන් නැවත ගොඩ ඒ මේ ලෝක වාර්තාවක් තැබීම සඳහා මාතලේ තරුණයෙකු සූදානමින් සිටී.

ලොව කිසිම කෙනෙකු මෙම ක්‍රියාවලිය සිදු කර නොමැති බවත් එම ක්‍රියාවලිය තමන් සිදු කරන්නට උත්සාහ කරන්නේ මුළු ලෝකයේම අවධානය තම මව් රට වෙත යොමු කරවා ගැනීම සඳහා බව හෙතෙම කියයි.

මාතලේ ගොන්ගාවිල පාර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මොහොමදු මශ්හුන් මුසාදික් නැමති මෙම තරුණයා මෙම ලෝක වාර්තාව තැබීම් සඳහා සූදානමින් සිටි.

මේ වන විටත් අවස්ථා ගණනාවක් මෙම තරුණයා මිතුරන් කිහිප දෙනෙකු එක්ව මෙම බිහිසුණු ක්‍රියාවලිය පුරුදු පුහුණු වී සිටීම විශේෂත්වයකි .

ලෝක වාර්තාව තැබීම සඳහා අවස්ථා ගණනාවක් පුරුදු පුහුණු වූ බවත් මීට දින කීපයකට ඉහතදී මාතලේ ප්‍රදේශයේ දී තම මිතුරන් කීප දෙනෙකුගේ සහාය ඇතිව කැමරා කිහිපයක් උපයෝගී කරගෙන අඩි හයක වළක් කපා ඒ මත නිදාගෙන උඩින් පස් වසා භූමිතෙල් සහ දර යොදාගෙන ගිනි තබා පැය දෙකක වැඩි කාලයක් ඒ තුළ රැඳී සිටි බවත් ඒම සියලු සිද්ධීන් කැමරා කිහිපයක් යොදාගෙන එළියෙ සහ වල ඇතුලේ රූගත කිරීම් සිදුකර ඇතැයි ඒ මහතා සඳහන් කළේය. මහ පොළොව යට පස් වසා නිදාගෙන සිටින ලෝක වාර්තාවක් මීට පෙර පකිස්ථානු ජාතිකයෙකු විනාඩි විසි එකක කාලයක් සිට ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙන බවත් ඔහු උඩින් ගින්දර දමා නොතිබූ බවද එම වාර්තාව අභිබවා තමන් මේ වන විටත් පැය දෙකයි විනාඩි 14ක කාලයක් අත් අත්හදා බලා ඇතැයි සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32
Video thumbnail
බෝ#බ ප්‍ර#හාරයෙන් ජීවිතය අහිමි වුණු ගිය පුංචි පුතාලා වෙනුවෙන් මුළු ගමම එයි
01:33
Video thumbnail
අර්චුනාව සිංහයා කරලා මහින්දව බ#ලු කෙරුවා
02:06