ඉතිහාසයේ මුල්වරට හස්බන්ඩ් වයිෆ් දෙන්නම ඩි.අයි.ජි

පසුගියදා පොලිස් නිලධාරිනියන් තිදෙනෙකු එකම දිනයක නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් වීම් ලැබූ බවට මාධය වාර්තා පළවිය. එම තනතුරු ලැබූයේ නිශාන්ති සෙනෙවිරත්න, රේණුකා ජයසුන්දර, පද්මිණි වීරසූරිය යන අයයි. මින් ඉහත ලංකාවේ එකම නියෝජ්‍ය පොලිස්පතිනිය බවට පත්ව සිටි බිම්සානි ජාසිංහආරච්චි තැබූ වාර්තාව දැන් අලුත්වී ඇත. පොලිස් දෙපාර්තමේන්තුවට නියෝජ්‍ය පොලිස්පතිවරියන් හතර දෙනෙක් දැන් සේවය කරති.

මෙවර උසස්වීම් ලද නියෝජ්‍ය පොලිස්පතිවරියන් තිදෙනාගෙන් ජ්‍යෙෂ්ඨතා ලේඛනය අනුව මුලින්ම සිටින්නේ නිශාන්ති සෙනෙවිරත්නයි ඇගේ විශේෂත්වයක් තිබේ. ඇයගේ සැමියා කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්නය. බිරිඳ හා සැමියා නියෝජ්‍ය පොලිස්පති ධුරයන් හොබවන්නේ ඉතිහාසයේ මුල්වරටය.
නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දරගේ සැමියාද පොලිස් නිලධාරියෙකි. කොම්පඤ්ඤ වීදිය පොලිසියේ සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර ඇගේ සැමියාය. ජයන්තා පද්මිණී වීරසූරිය මීළඟට ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ සිටින නිලධාරිනියය. ඇයද 1997 උප පොලිස් පරීක්ෂිකාවක් ලෙස සේවයට එක්ව 2008 ජනවාරි 01 දා සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස්වීම් ලබා ඇත. යුද හමුදා නිලධාරියකු සමග ඇය විවාහ වී සිටින්නීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32
Video thumbnail
බෝ#බ ප්‍ර#හාරයෙන් ජීවිතය අහිමි වුණු ගිය පුංචි පුතාලා වෙනුවෙන් මුළු ගමම එයි
01:33
Video thumbnail
අර්චුනාව සිංහයා කරලා මහින්දව බ#ලු කෙරුවා
02:06