මිතුරියගේත් සැමියාගේත් පෙම් රැඟුම කෑම පාර්සලයෙන් අහු වෙයි

එකමග ගිය යෙහෙළියට සැමියා ලව්වා දුන් ගමන් පහසුව නොමග ගොස් තිබූ අයුරු කෑම පාර්සලයෙන් මාට්ටු වූ අපූරු පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ. යෙහෙළියන් දෙදෙනාම එකම ගමේය. නිවාස පිහිටා තිබුණේ ද එක ළඟමය. හොඳටම වැඩි වුණොත් හෝල්ට් එකක දුරය.

දෙදෙනාම සේවය කළේ ද එකම කාර්යාලයේය. එක ළඟය. එකම විෂය සමසේ බෙදා හදා ගෙනය. සේවයට පැමිණියේ ද දෙදෙනා එකටය. බොහෝ වෙලාවට බස් රථයෙනි. සැමියන් සමග ඉදහිට යතුරු පැදිවලින් පැමිණුනු අවස්ථා නැත්තේද නොවේ. මේ නිසාම ඔවුන් දෙදෙනා අතර යහළුකමට වඩා සහෝදර බැදීමක් ගොඩනැගී තිබිණ.

මේ යෙහෙළියන් දෙදෙනාගෙන් එක් අයකුගේ සැමියා රටය. අනෙක් යෙහෙළියගේ සැමියා නගරයේ වෙළෙඳ සලක හිමිකරුය. කාලය කෙමෙන් ගිවී ගියේය. මේ යෙහෙළියන් දෙදෙනාගෙන් නගරයේ වෙළඳ සලක් පවත්වාගෙන යන සැමියා මෝටර් රථයක් මිල දී ගත්තේය. ඒ තමාට නගරයේ වෙළඳ සලට යාමටත් ඒ සමගම සිය බිරිය කිසිදු කරදරයකින් තොරව කාර්යාලයට ගෙන යාමත් ගෙන ඒමත් සිදු කිරීමට හැකියාව ඇති හෙයිනි. සිය මෝටර් රථයෙන් යෙහෙළිය ද තමා සමගම කාර්යාලයට රැගෙන යාමට මෙන්ම කාර්යාලයෙන් නිවස කරා ගෙන ඒමට ද අනෙක් යෙහෙළිය අමතක නොකළාය.

එදා දිවා ආහාරයෙන් පසුව මෝටර් රථය හිමි යෙහෙළියට හිසේ ඇම්ම උණ ගතිය ඇතිවූ හෙයින් ඇය සිය සැමියා මෝටර් රථයෙන් කැඳවූවේ වරු නිවාඩුවක් ද දමමිනි. සැමියා සිය ව්‍යාපාරික ස්ථානයේ යම් කටයුත්තක නිරත වූ හෙයින් ඇයට මෝටර් රථයේ වේලාවක් රැඳී සිටීමට සිදුවූවාය. තමාගේ ගතට ඇති වූ තෙහෙට්ටුව මග හරවා ලීමට ඇය මෝටර් රථයේ පසු පස ආසනයට ගියේ අතපය දිග හැර ලද නිමේෂයෙන් කෙටි විවේකයක් ලබා ගැනීමටය.

ඒ නිසාම සිය අත් බෑගය මෝටර් රථයේ පිටුපස තැබීමට ගිය ඇයට කෑම පාර්සලයක් තිබෙනු දක්නට ලැබුණි. මේ කෑම පාර්සලය සිය යෙහෙළිය එදින දහවල් කෑමට ගෙනා පාර්සලයට සමාන වූ එකක් වූ නිසාම ඇයට මේ පාර්සලය ලිහා බලන්නට සිත් වූවාය. ඒ කාරණා දෙකක් නිසාය. එකක් මෑතක සිට සිය සැමියා නිවසේ සාදන කෑම දිවා ආහාරය සඳහා නොගෙන ඒම පළමු වැන්නය. සිය යෙහෙළිය දහවල් කෑමට ගෙනා කෑම පාර්සලයට මේ කෑම පාර්සලය ද සමානවීම නිසා දෙවැන්නය.

ඒ සාධාරණ සැක අනුව කෑම පාර්සලය ලිහා බැලූ ඇයට දක්නට ලැබුණේ යෙහෙළිය එදින දිවා ආහාරයට ගෙනා කෑම වර්ග සියල්ලම මේ පාර්සලයේ තිබීමය. වෙනසකට තිබුණේ යෙහෙළිය ගෙනා කෑම පාර්සලයේ එක බිත්තරයක් වෙනුවට මෙහි බිත්තර දෙකක් තිබීමය. මෙය ඇය රහසක්සේ රැක්කේය. සිය මෝටර් රථයෙන් යෙහෙළිය සමග යෑමේ දී ඇය බොහෝම සීරුමාරුවට සැමියාත් යෙහෙළියත් දෙස නිරීක්ෂණාත්මක පරීක්ෂණයක නිරත වූවාය.

මෝටර් රථය ඇතුලේ තිබූ කණ්ණාඩියෙන් සැමියාත් යෙහෙළියගේත් සරාගී බැල්මවල් ඇයට මීටර් වූයේ එහිදීය.. ඒ විතරක්ම නොව යහෙළිය කාර්යාලය ඉදිරිපිටින් බැසීමට ඔන්න මෙන්න කියා තිබිය දී සිය අත් බෑගය විවෘත කර කෑම පාර්සලයක් මෝටර් රථයේ පිටුපස කාටත් හොරෙන් දමනු ද ඇයට නිරීක්ෂණය වූවාය.

සැමියාගේත් යෙහෙළියගේත් අනියම් සබඳතාව තමා නොදැන ගත්ත ද කාර්යාලයේම ප්‍රසිද්ධ රහසක් වී ඇති බවට ඇයට ඒ සම්බන්ධයෙන් සෙවීමේ දී දැනගන්නට ලැබුණාය. සිය යෙහෙළිය කළ මේ උදව්වට ස්තූති කරමින් ලිපියක් ලියා ඇය වෙනත් සේවා ස්ථානයකට මාරුවී ගියේ සැමියාට නගරයේ වෙළඳසලට මෝටර් රථයෙන් ඒමද තහනම් කරමින්ය. ඒ විතරක්ම නොවේ යළිත් සිය යෙහෙළිය සමග අයුතු සම්බන්ධතාවක් පැවැත්තුවහොත් කසාදය ද කටුගා දමන බවට සිය සැමියා ද දැනුම්වත් කරමිනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32
Video thumbnail
බෝ#බ ප්‍ර#හාරයෙන් ජීවිතය අහිමි වුණු ගිය පුංචි පුතාලා වෙනුවෙන් මුළු ගමම එයි
01:33
Video thumbnail
අර්චුනාව සිංහයා කරලා මහින්දව බ#ලු කෙරුවා
02:06