මං ගැහුවේ උඹට නෙමෙයි ගෙදර ඇවිලෙන ගින්දරට… මට වැරදුනා රත්තරං පුතේ !

තාත්තෙකුට අම්මෙකුට තමන්ගෙ එකාව කොයි තරම් වටිනවද? ඒ එකාව මේ සමාජෙට බරක් නොවී ඉහළම තැනක ඔසවා තියන්නයි හැම අම්මා කෙනෙකුටම, තාත්තා කෙනෙකුටම ඕනි…ඉතින් එහෙම වුණත් කී දේ නාහන තැන පුංචි එකෙකුට තරවටු කරන්නත්, බැන වදින්නත් අම්මලා තාත්තලා පෙළඹෙනවා. ඒක ද්වේෂයෙන් වෛරයෙන් කරන දෙයක් නෙවෙයි.

ඒත් අවාසනාවකට ඒ විදිහේ තරවටුවක් නිසා අහිංසක දරුවෙකුට පසුගිය දවසක ජීවිතය අහිමි වුණා. ඒ තාත්තාගේ කොසු පහරක් නිසා.

ඒත් හැමෝම කිව්වේ ඒක තාත්තා, ඒ දරුවා “පාඩම් නොකරපු” නිසා කරපු තරවටුවක් කියල යි.

මේ ගැන සමාජ මාධ්‍ය තුළත් විවිධ සංවේදී සටහන් හුවමාරු වුණා. මේ තියෙන්නෙ ඒ විදිහේ සටහන් කිහිපයක්..

පුතේ, මට සමාවෙයන් !
ගෙදර තේ කහටවත් නෑ ,
හෘදයවස්තුවේ හිලක් තියෙන නංඟිට
දින ගණනකින් බේත් නෑ ,
කාසේ හැදුන උඹේ අම්මා පන අදිනවා ඇද උඩ ,
මල්ලී බෙරිහන් දෙනවා බඩේ ගින්දරට ….
ඒත් මං උඹට ඩේටා කාඩ් අරං දුන්නේ
පවුලේ අඳුර නිවන එකම පහන උඹ නිසා ….,
උඹ එකෙන් ගේම් ගහනකොට
මට දුකක් හිතුනා මගේ පුතේ …
මං ගැහුවේ උඹට නෙමෙයි
ගෙදර ඇවිලෙන ගින්දරට …
මට වැරදුනා රත්තරං පුතේ !
යකඩ කූරු අතර ඉදන්
මං විදවන වන තරම් උඹට දැනුනානම් ,
මං මියයන වාර ගණන උඹ දන්නවනම් ,
උඹ මට සමාව දේවි මගේ පුතේ… !!!මල්ලි අපි තාත්තට සමාව දෙමු…|
ආදරේට ගහපු පාර උන්දැට
වරදින්නැති
උඹ ගෙනා ආයුෂ කරුමෙට
එතනින් නවතින්නැති
ඒත් මං ගැහුවෙ උඹ හදාගන්න
ඒ හිත කියනවා ඇති
උඹට නිවන් සුව තාත්තට සමාවෙයන්
උඹට ඒ පිං ඇති
-සදෙව්-



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32
Video thumbnail
බෝ#බ ප්‍ර#හාරයෙන් ජීවිතය අහිමි වුණු ගිය පුංචි පුතාලා වෙනුවෙන් මුළු ගමම එයි
01:33
Video thumbnail
අර්චුනාව සිංහයා කරලා මහින්දව බ#ලු කෙරුවා
02:06