මවට පහරදුන් බේබදු පුතා පොලීසියටත් ගහන්න එයි.. පොලීසියෙන් වෙඩි තබයි

යාපනය කෝපායි පොලිස් වසමේ පවුල් ආරවුලක් විසඳීමට ගිය පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහරදීම උත්සහ ගත් පුද්ගලයෙකු පාලනය කිරීම සඳහා වෙඩිප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා.

ඊයේ (28) දිනයේ රාත්‍රීයේ සිදුවූ මෙම සිදුවීමෙන් පසුව අදාළ පුද්ගලයා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණා.

කෝපාලිය කොණ්ඩාවිල් ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු විසින් නිවැසියන්ට තියුණු ආයුධයකින් පහරදීමට උත්සහ ගන්නා බවට කෝපායි පොලීසියට ලැබුනු තොරතුරකට අනුව එම ස්ථානයට පොලිස් නිලධාරීන් පිරිසක් ගොස් තිබුණා.

පොලිස් නිලධාරීධාරීන් විසින් බීමතින් නොසන්සුන්කාරීව හැසිරුනු අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට උත්සහ දරන අවස්ථාවේදී එම පුද්ගලයා විසින් පොලිස් නිලධාරීන්ටද තියුණු ආයුධයෙන් පහරදීමට උත්සහ ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයා පාලනය කිරීම සඳහා පොලවට වෙඩිප්‍රහාරයක් එල්ල කොට වෙිඩිතබන බවට බියවද්දා අදාළ පුද්ගලයා පාලනය කොට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී සිදුකරන ලද පරික්ෂණවලදී අදාළ සැකකරුගේ මව විසින් හෙළිකර ඇත්තේ සිය පුතා විසින් බීමතින් තමාට ඇතුලු පවුලේ ඥාතීන්ට මෙලෙස තියුණු ආයුදයකින් පහර දීමට උත්සාහ කළ බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට පයවර ගෙන ඇති බවටත් පරික්ෂණ සිදුකරන කෝපායි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09