සැමියා එක්ක මත්පැන් පානය කර හැමදාම සූර් වෙන දෙදරු මවට අවසානයේ වූ දේ

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් පවතිද්දී මත්පැන් පානය කර මිහින්තලය පොලිස් ස්ථානයට පැමිණ පරුෂ වචන කියමින් අශෝභන ලෙස හැසිරුණු බවට වරද පිළිගෙන නැවත කිසිදු අවස්ථාවක මත්පැන් පානය කර සමාජයට නොඑන බවට පොරොන්දු වූ දෙදරු මවක රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු නාලක සංජය ජයසූරිය නියෝග කර තිබෙනවා.

ත්‍රිකුණාමලය පාර මිහින්තලය ලිපිනයේ පදිංචි ඇය වරද පිළිගැනීම නිසා දඬුවම් නියම කිරීම පසුවට කල්තැබූ විනිසුරුවරයා තරයේ අවවාද කළ අතර ඇය නැවත කිසිදු අවස්ථාවක මත්පැන් පානය කර සමාජ ගත නොවන බවට අධිකරණය හමුවේ පොරොන්දු වී තිබෙනවා.

 මීට පෙර එක් අවස්ථාවකදී සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර රුපියල් පන්දහසක දඩයක් ගෙවන ලෙස අධිකරණය ඇයට නියෝග කර තිබෙනවා. සැකකාරිය බී-වාර්තාවක් මඟින් අධිකරණයට ඉදිරිපත් කළ මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන කියා සිටියේ රජයේ මත්පැන් නීති විරෝධී මත්පැන් පානය කිරීමට තදින්ම ඇබ්බැහිවී සිටින ඇය අවස්ථා කිහිපයකදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනා බවත් එක් අවස්ථාවකදී පොලිසිය තදින්ම අවවාද කර මුදාහැරි ඇති බවයි. 

සැකකාර කාන්තාව හා සැමියා මත්පැන් පානය කරන බවත් ඇය (26දා) රාත්‍රියේ මත්පැන් පානය කර මිහින්තලා පූජා නගරයේ අශෝභන අන්දමින් හැසිරෙමින් සිටින බවට පොලිසියට ලැබුණු පැමිණිලි මත අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය අධිකරණයට දන්වා තිබෙනවා. ඇයගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කටයුතු නොකිරීම නිසා සැමියාව පොලිස් භාරයට ගෙන තදින්ම අවවාද කළ බව පොලිසිය අධිකරණයට දන්වා තිබෙනවා. සැකකාරිය මත්පැන් පානය කිරීමෙන් අනතුරුව පොලිස් ස්ථානයට පැමිණ කළහකාරි අන්දමින් හැසිරෙනා බවත් ඇයට කොතරම් අවවාද කළත් උපදෙස් නොපිළිපැදීම නිසා අධිකරණයට ඉදිරිපත් කරනා බව පොලිසිය පවසනව.

 සැකකාරියට මත්පැන් බෝතලයක පමණ ප්‍රමාණයක් තනිවම පානය කිරීමට හැකි බවත් රාත්‍රියේ නිවෙසින් බැහැරට පැමිණ කිසියම් පුද්ගලයකු මත්පැන් පානය කරනු දුටුවහොත් ඔහුගෙන් මත්පැන් ඉල්ලාගෙන පානය කිරීමට ඇය පෙලඹි සිටින බව පොලිසිය බී-වාර්තාවෙන් අධිකරණයට දන්වා තිබෙනවා. ඇය මත්පැන් පානය කර වෙරිමතින් ලොරි රථවල නැඟී රාත්‍රි කාලයේ ත්‍රිකුණාමලය, කැබිතිගොල්ලෑව, කහටගස්දිගිලිය, වවුනියාව යන ප්‍රදේශවලට පවා යන බව පොලිසිය අධිකරණයට දන්වා තිබෙනවා. හතළිස් හැවිරිදි සැකකාරියගේ ක්‍රියා කලාපය නිසා ඇයට යම් අනතුරක් සිදුවීමේ අවදානමක් අත ළඟ තිබෙනා බවත් රාජ්‍ය බැංකුවක රියැදුරකු වන සැමියාගේ නොමනා ක්‍රියා කලාපය නිසා ඇය මතට ඇබ්බැහිව ඇති බවත් සැමියා මිතුරන් සමඟ නිවෙසේ මත්පැන් පානය කරද්දී ඇයත් ඔවුන් සමඟ එක්වී මත්පැන් පානය කරනා බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09