කර්නල්ගේ වාහනේ ඉස්සර කළ තරුණයාට ලේ වමනේ දාන්න ගහලා

අද උදෑසන කැස්බැව හල්පිට ප්‍රදේශයේදී යුද හමුදාවේ කර්නල් වරයෙකු වයස අවුරුදු 23ක් පමණ වන තරුණයේකුට අමානුෂික ලෙස පහර දී තිබෙනවා.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ යතුරුපැදියකින් ගමන් කළ තරුණයා හමුදා නිලධාරියාගේ වාහනය පසුකර යාමේදී සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් උරනව මෙම කර්නල් වරයා තරුණයාට පහර දී ඇති බවයි.

ව්‍යායාම කිරීම සඳහා හමුදා ලංඡව සහිතව හමුදාවෙන් නිකුත් කළ ව්‍යායාම ඇදුම් කට්ටලයකින් සැරසී හමුදාවෙන් ලබා දුන් නිලරථයෙන් ගමන් කරමින් සිටියදී ඉතා අශෝභන ලෙස හැසිරෙමින් තරුණයාට බිම පෙරළාගෙන අතින් පයින් පහදුන් කර්නල්වරයා පසුව එම ස්ථානයෙන් ඉවත්වයෑමට සූදානම් වන විට
ගම්වාසීන් ඊට විරෝධය පා කර්නල්වරයා රඳවාගෙන ඇත.

තරුණයාගේ තත්ත්වය විමසා බැලීමේදී ඔහු ලේ වමනේ දමන බව දැක ගම්වාසීන් තරුණයා වෑතර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් අතර පොලිසියට මේ බව දැනුම් දී ඇත. පසුව එම ස්ථානයට කහතුඩුව පොලිස් ස්ථානයෙන් නිලධාරීන් දෙදෙනකු පැමිණ තිබේ.

පොලිස් නිලධාරීන් ඉදිරියේදී තමන් තරුණයාට පහර දුන් බව කර්නල්වරයා පිළිගත් අතර කර්නල් වරයා අත්අඩංගුවට ගන්නා ලෙස රැස්වසිටි ජනතාවගෙන් එල්ලවූ බලපෑම නිසා එහි පැමිණි කහතුඩුව පොලිසියේ ලක්මාල් නමැති පොලිස් නිලධාරියා කර්නල්වරයාගේ නිලරථයටම ගොඩවී ඔහු පොලිසියට රැගෙන යන බව පවසමින් පිටව ගියේය.

පසුව කහතුඩුව පොලිස් ස්ථානයෙන් අප කළ විමසීමේදී එහි ස්ථානාධිපතිවරයා සඳහාන් කළේ කර්නල්වරයා කැස්බෑව පොලිසියට රැගෙන ගිය බවයි.

කැස්බෑව පොලිසියෙන් කළ විමසීමේදී කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති වරයා පැවසුවේ එය ගණන් නොගත යුතු මට්මේ සුලු සිද්ධියක් බවයි. පහර කෑමට ලක් වූ තරුණයා සිද්ධිය සමතකයකට පත් කර ගැනීමට කැමැත්ත පල කළ බවද ඔහු පවසයි. කර්නල්වරයා අත්අඩංගුවට ගත් බවත් තවත් විටක පවසයි. පහර කෑ තරුණයාට වලංගු රියැදුරු බල පත්‍රයක් නැති බවත් පවසයි. අවශ්‍යනම් පොලිස්ස්ථානයට පැමිණ කර්නල්වරයා හමු වෙන් ලෙසත් පවසයි. විටෙක සිනාසෙයි. තවතව අදාල නැති බොහෝ දේ පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් ගත් නෛතික ක්‍රියාමාර්ග හැර අනෙක් සියල්ල ඔහු පවසයි. (හඬ පටය අප සතුව ඇත)

ගමක් කෙන්ති ගැස්සූ නමුත් කැස්බෑවේ OIC ට පුංචි වූ ඒ සිද්ධිය පහත වීඩියෝවෙන් නරඹන්න.

https://youtu.be/_F8v0nLWwhQ

අරුණ වෙබ්අඩවිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19