බටහිර සසෙක්ස් ප්‍රාන්ත කවුන්සිලයේ උප සභාපති සුජාන් නිරෝධායන අත්දැකීම ගැන කියන කතාව

බටහිර සසෙක්ස් ප්‍රාන්ත කවුන්සිලයේ උප සභාපතිවරයෙකු වන සුජාන් වික්‍රමරත්න තම බිරිඳ සමඟ ශ්‍රී ලංකාවට පසුගියදා පැමිණ තිබෙනවා. මෙරටට පැමිණි ඔවුන් නැවතත් ඔවුන් පදිංචි West Sussex වෙත ගොස් තිබෙනවා. එරටට ඇතුළු වීමෙන් පසු ගුවන් තොටුපොල පරිශ්‍රයේ පී. සී. ආර් පරීක්ෂණ ප්‍රතිපල එනතුරු නිරෝධායනය වීමට කුඩා හෝටලයක කුඩා කාමරයකට ඔවුන්ව යොමු කර තිබෙනවා. එහි බියකරු අත්දැකීම් ගැන ඔහු මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
තම බිරිඳ සමඟ ඉතා කුඩා කාමරයක නිරෝධායනය වන බව පවසන ඔහු කියා සිටින්නේ ඒ අත්දැකීම කිසිදු පුද්ගලයෙකු අත්විදිය යුතු අත්දැකීමක් නොවන බවයි. එතරම් අප්‍රසන්න අත්දැකීමක් බව ඔහු පෙන්වා දෙනවා. ඔවුන්ට ලබා දුන් ආහාර පාන ඉතාම පහත් මට්ටමක ඒවා බවයි ඔහු පෙන්වා දෙන්නේ. “අපිට හරි වාතාශ්‍රයක් නැහැ, සෞඛ්‍ය සම්පන්න ආහාර පාන නැහැ , කාඩ්බෝඩ් තැටියක තියලා අපිට කුඩා කවුළුවකින් තමයි කෑම දෙන්නේ. මේ හෝටලයේ කුඩා කාමරයක හිර වෙලා වගේ අපි ඉන්නේ. මේ හිර වුනු කුඩා කාමරයේ නිරෝධායනය වෙන්න අපි පවුම් 3,715 (ලංකා මුදලින් 1014720.41) ක් ලබා දුන්නා. මම වසර 45 ක් බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වෙනවා. මේ වගේ අත්දැකීමකට මම කවදාවත් මුහුණ දීලා නැහැ. මෙතරම් මුදලක් ගෙවලත් අපිට සැලකුවේ සතුන්ට සලකනවා වගේ, හොඳ පහසුකම් සහිත කාමරයක් ඉල්ලුවත් ඔවුන් අපිට ලබා දුන්නේ නැහැ . හේතුව විදිහට කිව්වේ සියලු කාමර සම්පුර්ණ වෙලා කියලයි.. හෝටලයකට යොමු කරන්න පැය දෙක හමාරක් ගත වුනා. එය ඉතා කුඩා වේලාවකදී කරන්න පුළුවන්කම තියෙද්දී එතරම් කාලයක් ගත්තේ ඇයි කියලා හිතා ගන්න බැහැ. බදාදා පෙරවරු 9.30 ට අපිව පරීක්‍ෂා කලේ. විදෙස් ගත වෙලා එන අය ගුවන් තොටුපලේදී කොතරම් අසරණව හිටියාද කියලා අපි ඇස් දෙකට දැක්කා. මෙහෙම දෙයක් කරන්න එපා කියලයි ඉල්ලන්නේ. මේ වගේ ඉරණමකට කවුරුත් ගොදුරු වෙන්න එපා, මේ සිදුවීම ගැන මම කණගාටු වෙනවා…ඒ වගේම මගේ මව් රට ශ්‍රී ලංකාව මිට වඩා විදේශිකයින්ට සලකනවා.. පහසුකම් සලසනවා..මෙතරම් අපහසුවක් මගේ රටේදී මම දැක්කේ නැහැ..” යැයි හෙතෙම ප්‍රකාශ කර තිබෙනවා

  1. apey ratey hossa agin massa yanakota sarama oluwe othagena berihan dena yakkunta mewa gana penwa dena ekama watinawa. maasa dekak wage sulu kalayak thula 168000 ohey marenna ariya dushta ratak thamayi oya mahaloku England kiyanne. duppath, wayasaka saha kalu minissu thamayi marune