ජනාධිපතිවරයා අද ගන්න යන විශේෂ තීරණය මෙන්න

මාසයකට ආසන්න කාලයක් පුරා දැනට ක්‍රියාත්මක වෙන නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වැනි දායින් පසු ඉවත් කරන්නේ ද නැද් ද යන්න අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙන කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ දී තීරණය කිරීමට නියමිත යි.

මේ අතර ඊයේ දිනයේ මෙරටින් නව ආසාදිතයින් 2,271 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 118ක්.

අවසන් වරට ඉකුත් සතියේ දී පැවති කොවිඩ් කමිටු රැස්වීමේ දී ජනාධිපතිවරයා විසින් ඉදිරියේ දී රට විවෘත කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ඉල්ලා තිබූ අතර, අදාළ අංශ විසින් එම නිර්දේශ අද ඉදිරිපත් කිරීමට නියමිත ව තිබෙනවා.

මෙලෙස ඉදිරිපත් කරන නිර්දේශ සලකා බලා රට ඉදිරියට පවත්වාගෙන යාමට අදාළ විවිධ මාර්ගෝපදේශ සේවා සීමාවන් සම්බන්ධයෙන් කොවිඩ් කමිටු රැස්වීමේ දී අවධානය යොමු කරනු ඇති.

කොරෝනා ව්‍යාප්තිය ඉහළ යෑමත් සමඟ නිරෝධායන ඇඳිරි නීතිය ඉකුත් අගෝස්තු 18 වනි දා රාත්‍රී 10 සිට දිවයිනට ම බලපැවැත්වෙන පරිදි පනවනු ලැබූ අතර, එය අවස්ථා කිහිපයක දී දීර්ඝ කරනු ලැබුවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා ඇත්තේ, දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලබන මස පළමු සතිය දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙසයි.

මේ අතර නව කොරෝනා ආසාදිතයින් 2,271 දෙනෙකු ඊයේ හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 498,694 ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව මෙරට සක්‍රිය ආසාදිතයන් සංඛ්‍යාව 58,287ක් වෙන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යා 428,590ක්.

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදු වූ බවට ඊයේ තහවුරු කරන ලද කොරෝනා මරණ 118ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 11,817ක් දක්වා ඉහළ ගියා.

වඳුරඹ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් අට දෙනෙකු සඳහා සිදු කරන ලද කොරෝනා පරීක්ෂාවේ දී ඔවුන් අසාදිතයින් ලෙස තහවුරු කරගෙන තිබුණා.

මේ අතර වයස අවුරුදු 12ට වැඩි දීර්ඝකාලීන රෝගාබාධවලින් පෙළෙන ළමයින් එන්නත්කරණයට ලක් කිරීමට නිර්දේශ ලබාදුන් ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්වත් සංසදයේ සභාපති මහාචාර්ය ශාමන් රාජින්ද්‍රජිත් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ, විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රෝහල්වල දී එම එන්නත්කරණය සිදු කළ යුතු බවයි.

එමෙන්ම චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් මෙරටට පරිත්‍යාග කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීම සඳහා එම එන්නත් තොගය මෙරටට පරිත්‍යාග කරන බවයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කළේ.

සිනොවැක් යනු ලොව මෙතෙක් වැඩියෙන් භාවිත කර ඇති කොවිඩ් මර්දන එන්නත වන අතර, අගෝස්තු අවසානය වෙනවිට රටවල් පණහකට පමණ මාත්‍රා බිලියන 1.8ක් සපයා ඇති අතර, ඉන් බිලියන 1.4ක් එන්තත්කරණය කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියලුම ඇල්ල බලාගෙන ඉද්දීම දරුණු වුණ හැටි
01:03
Video thumbnail
ජනපති කළ ප්‍රකාශයට ගම්මන්පිල හොඳ පදෙන්ම කියයි..ස්වාධින කොමිසමත් ජනපතිට බයද ?
05:51
Video thumbnail
Breaking News | රටම අවධානයෙන් ! කාලගුණයෙන් රතු එළි | නවතම තත්ත්වය LIVE
40:53
Video thumbnail
ඊළඟ ජනපති නාමල් කියලා දැන් හිරගෙවල්වලත් කියනවා
06:00
Video thumbnail
දැඩි වුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..කොළඹ ආශ්‍රිතව මිලිමීටර් 200ක වර්ෂාපතනයක්
04:50
Video thumbnail
මරික්කාර් මහින්දට සැරටම කියයි - වැරදි කළා නම් මුහුණ දෙන්න ඕනේ
02:25
Video thumbnail
NBRO නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය තවත් දීර්ඝ කරයි..මෙන්න අවදානම් දිස්ත්‍රික්ක
02:11
Video thumbnail
රත්නපුර මහා නගර සභාවේ වැසිකිළියට විශාල ගලක් කඩා වැටෙයි
01:19
Video thumbnail
කඩාහැලෙන මහ වැස්ස රට පුරා කරලා තියන විනාශය
05:11
Video thumbnail
පාසල් ළමුන් ගමන් කළ බස් රථයක් සහ ලංගම බසයක ගැටී සිදු වූ අනතුර
00:56