ශ්‍රී ලංකාව ආශ්‍රිත ඉන්දු – ඔස්ට්‍රේලියානු භූ තලයේ ඉදිරියේදී විශාල භූමි කම්පාවක් සිදුවීමේ අවදානමක් පවතින බවට ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයන් අනතුරු අඟවති.
ලංකාව ඇතුළත නොව ලංකාව ආසන්න භූමි කලාපයේ ඉතා විශාල භූමි කම්පාවක් සිදුවීමට ඉඩ තිබෙන බවත්, ඉන්දු ඔස්ට්‍රේලියා භූ තලය මැදින් වෙන්වන ලක්ෂණ කාලයක් තිස්සේ පෙන්නුම් කරන බවත්,එය සෙමින් සෙමින් සිදුවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න කීවේය.
ලංකාවේ සිදුවන භූ කම්පන පිළිබඳ දත්ත ලබා ගැනීමට ඇත්තේ උපකරණ හතරක් පමණක් බවත්, වර්ග කිලෝමීටර් හැට පන්දහසක් සඳහා මෙය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද ඔහු පැවසුවේය.
මේ පිළිබඳව අදාළ අංශවල බලධාරීන් දැනුවත් කළද මෙතෙක් නිසි අවධානයක් යොමුකර නැතැයිද ඔහු සඳහන් කළේය.ලංකාව ආශ්‍රිත භූමි කලාපයේ සිදුවිය හැකි භූමි කම්පාව ඇතිවන කාලය සහ විශාලත්වය පිළිබඳව වැටහීමක් ලබා ගැනීමට නම් අඩුම තරමේ උපකරණ පද්ධතියක් සවිකළ යුතු බවත්, රජයක් ලෙස එය ස්ථාපිත කිරීමට පියවර ගතයුතු බවද ඔහු පැවසුවේය.














oya lokkan kiyana dayata matha dekak thibenawa. boomichala siduwenne ekata thadavuna mahadwipa lissa yaamen (stress release). eka mathayaka kiyanne suluboomi digatma siduvenavita thadabaday lihilvi maha boomichalanayak siduwenne nathi wagayi. enek mathaya nam suluboomikamapa siduveneaw kiyanne maha boomikampawaka peranimiththak washayenuyi. Api inna Californiawa thibenne kotasak amarica plate aneka kotasa thidenne pacific plate eka matthayi. may deka ekataeka gatena thanata kiyanne “san andreas fault” kiyala. kalakata pera lankawe sunamiyak athi vune maywani fault ekak athi indunesiawa langa muhuda yata therapima nisa vishala kandak kada watima nisa. dan ewani deyak siduna wita kalin anathuru danwime karamayak athinisa biywenna awashaya naha. lankawe ithihaasaye sunamiyak athiwela thibenne Kalani tissa rajakale. nawath sunamiyak enna wasra 2000 k pamana gathwenawa. may mage mathayayi.