කොවිඩ් කාලේ අධික මිලට වාහන අරගෙන වැඩේ වරද්ද ගන්න එපා

මෙරට වාහන වෙළෙදපොළේ වාහන මිල සම්බන්ධයෙන් කිසියම් කැළඹිලි තත්ත්වයක් හටගෙන ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ඉන්දික සම්පත්  මහතා පැවසුවේ වාහන මිල අනිසි ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් ලියාපදිංචි නිත්‍ය වාහන අලෙවිකරුවන් විසින් සමාජ මාධ්‍යය තුළ දැඩි ලෙස කතාබහ කිරීම එම තත්ත්වයට හේතුවී ඇති බවයි.

ඒ මහතා පෙන්වා දුන්නේ උදාහරණයක් ලෙස මේ දිනවල ලක්ෂ 200කට පමණ අලෙවි වන ප්‍රිමියර් මෝටර් රථය මිල ලක්ෂ 50කින් සහ 60කින් අඩු වී ඇති බවයි.

මේ වන විට සමහරක් පුද්ගලයින් අතැති මුදලට වාහනයක් මිලදී ගෙන එය නැවත වැඩි මුදලකට අලෙවිකර, ඉන් නැවත වාහනයක් මිලදී ගෙන එය නැවත විකිණීම හරහා සිදුකරන ක්‍රියාවලිය මගින් වාහන මිල සීඝ්‍ර ලෙස ඉහළ යාමට හේතුව වී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.

වාහන මිල ඉහළ යාම පාලනය කිරීම සදහා මේ මොහොතේ සිදුකළ යුත්තේ කොවිඩ් ව්‍යසනකාරී තත්ත්වය කාලය තුළ නොවටිනා මිල ගණන් වලට වාහන මිලට නොගැනීම බව ඉන්දික සම්පත් මහතා පෙන්වා දෙයි.

එසේ සිදුනොවුනහොත් වාහන මිල ඉදිරියේදී තවත් අසීමිත ලෙස ඉහළ යනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23