මෙරට එන්නත්කරණය ගැන විශේෂ නිවේදනයක්

රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංසදය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

අද වන විට කොවිඩි 19 එන්නත්කරණය ඉතාමත් අවිධිමත් හා අක්‍රමවත් ආකාරයෙන් ක්‍රියාත්මක වන බව දෛනිකව සිදුවන සිදුවීම් දෙස බැලීමේදී පෙනී යයි.

මේ හේතුවෙන් අප රටේ සාමාන්‍ය ජනතාවට දැඩි අපහසුතාවයන්ට හා කොවිඩි වසංගතයේ ගොදුරු බවට පත්වීමේ අවදානමට ද මුහුණ දීමට සිදුවී ඇත.

එමෙන්ම අද වනවිට අප සිටිනුයේ කොවිඩ් වසංගතයේ මෙතෙක් අප රට මුහුණ දුන් අතිශය බැරෑරුම් අවස්ථාවක බව පැහැදිලිය.

මේ වනවිට දෛනිකව වාර්ථාවන රෝගීන් ගණන හා දෛනිකව මියයන කොවිඩි 19 රෝගීන් ගණන ගැන සලකා බැලීමේදී අප සිටින බැරෑරුම් මට්ටම තේරුම් ගත හැකිය.

අද වන විට 9000 ට අධික කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්ථා වී ඇති අතර එයින් 50% ක් වාර්ථා වී ඇත්තේ අගෝස්තු මාසයේ වීම තුල තත්වයේ බරපතල බව පැහැදිලි වේ.

ප්‍රමාද වී ආරම්භ කල කොවිඩ් 19 එන්නත්කරණය සඳහා මුල සිටම විනිවිද භාවයෙන් යුතු ඉලක්කගත නිශ්චිත ක්‍රියාකාරී වැඩපිළිවලක් නොතිබුනි.

අප රටේ එන්නත් කරණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩි 19 එන්නත්කරණ සඳහා ඉදිරිපත් කළ මාර්ගෝපදේශ වලට අනුකුලව නොවේ.

එම නිසා අද වනතුරු අධි අවදානම් වයස් කාණ්ඩය ලෙස සැලකෙන අවුරුදු 60 ට වැඩි සියලු ජනතාවට එන්නත් මාත්‍රා දෙකම ලබාදීමට අපොහොසත් වී ඇත.

එහි ප්‍රතිඵලය ලෙස අද වන විට කොවිඩි 19 වැළඳීමෙන් අවුරුදු 60 ව වැඩි ජනතාව මියයාම වැඩි වී ඇත. කොවිඩ් වැළඳී මියයන ජනතාවගෙන් 70% – 80% පමණ අවරුදු 60 ට වැඩි ජනතාව බව සංඛ්‍යා ලේඛණ මගින් පැහැදිලි වේ.

එමෙන්ම මිය යන ජනතාවගෙන් 90% ක් පමණ පූර්ණ වශයෙන් එන්නත්කරණයට ලක් නොවූ පිරිස බව තහවුරු වේ.

අද වන විට විධිමත් කොවිඩි 19 එන්නත්කරණය තුලින් ලෝකයේ බොහෝ රටවල් මරණ අනුපාතය අඩුකර ගෙන ඇත.

නමුත් අප රටේ එන්නත්කරන වැඩසටහනට එම තත්වය ලඟාකර ගැනීමට නොහැකි වී ඇත. නිසි විද්‍යාත්මක ක්‍රමවේද පදනම්ව එන්නත්කරන වැඩසටහන ක්‍රියාත්මක නොවීම සහ දුර්වල සංවිධාන තත්වය හේතුවෙන් කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන කෙරෙහි ජනතාවගේ විශ්වසනීයත්වය අද වනවිට බිඳී ගොස් ඇත.

අවිධිමත් ලෙස විශාල වශයෙන් ජනතාව ඒකරාශී කරමින් පුද්ගල දුරස්ථභාවය පවා නොතකමින් සිදු කරන එන්නත්කරණ වැඩසටහන් හේතුවෙන් ඩෙල්ටා ප්‍රභේදය සීග්‍ර ලෙස ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් ඇත.

වර්තමානයේ සිදුවන සිදුවීම් දෙස ගැඹුරින් විමසා බැලීමේදී මෙසේ එන්නත්කරණ වැඩසටහන අර්බුධයට ලක්වීමට ඉඩ හැර එය සෞඛ්‍ය අංශවලින් ඉවත් කිරීමට සැලසුම් කරන්නේ දැයි සාධාරණ සැකයක් උපදී. ෆයිසර් එන්නත් ලබාදීම සෞඛ්‍ය අංශවලින් ඉවත් කර හමුදාවට ලබා දීම මඟින් එය තහවුරු වේ.

කොවිඩ් 19 එන්නත්කරන වැඩසටහනේ ඇති අඩුපාඩු කඩිනම්ව නිවැරදි කර එය ප්‍රතිසංවිධානය කිරීම අත්‍යවශ්‍ය බව අප විසින් මුල සිටම පෙන්වා දුනි. නමුත් එම තත්වය නිවැරදි කිරීම වෙනුවට තවදුරටත් අර්බුධය උග්‍රවීමට ඉඩහැර වසංගත විද්‍යා අංශය ප්‍රමුඛ සෞඛ්‍ය අංශවලින් කොඩ්ඩි එන්නත්කරනය ඉවත් කිරීමේ සැලස්මක් ක්‍රියාත්මක වනවාදැයි සාධාරණ සැකයක් උපදී. එබැවින් වහාම සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳව සලකා බලා කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ප්‍රතිසංවිධානය කර කාර්යක්ෂම, පාරදශ්‍ය හා ඉලක්කගත වැඩසටහනක් බවට පත් කිරීම යුගයේ අවශ්‍යතාවය බව දැඩිව අවධාරණය කරමු.

වෛද්‍ය කමල් ඒ. පෙරේරා

ලේකම්

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?