පී.සී.ආර්. වලටත් බලපෑම් කරන අලුත්ම විකෘති ප්‍රභේදය

රටේ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ (බී. 1617.2) විකෘතිතා හඳුනා ගැනීම ඉහළ යෑමත් සමග පී.සී.ආර්. (PCR) පරීක්ෂණ මගින් රෝග විනිශ්චයට බාධා එල්ලවීමේ හැකියාවක් පවතී දැයි විශේෂඥයෝ අධ්‍යයනය කරමින් සිටිති.

මේ වන විට ඩෙල්ටා ප්‍රභේදයේ එස්.එස්. 222වී, එස්.ඒ. 701 එස්, එස්.ඒ. 1078 එස් සහ ආර් – 24 යන විකෘතිවීම් මෙරටින් හඳුනාගෙන ඇති අතර කොළඹ මුළුමනින්ම ව්‍යාප්ත වන්නේ ඩෙල්ටා ප්‍රභේදය බව සෞඛ්‍ය අංශ විසින් අනාවරණය කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් සිදුකළ නවතම අධ්‍යයනයට අනුව ඩෙල්ටා ප්‍රභේදයෙන් ආසාදිත පුද්ගලයන් 292ක් අනුක්‍රමික දත්ත මගින් තහවුරු කර ඇත.

දැනට හඳුනාගෙන ඇති නවතම විකෘතිතාව වන ආර් – 24 පිළිබඳ අදහස් පළ කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරන ලද්දේ පී.සී.ආර්. (PCR) වැනි ඇතැම් රෝග විනිශ්චය කිරීමේ ක්‍රමවේදවලට මෙම නව විකෘතිතා බලපෑම් කිරීමේ හැකියාවක් පවතින බවයි.

එම නිසා එන්නත් නිපදවීමේ දී මෙම නව ජාන විකෘතිතා පිළිබඳ වැඩි අවධානයක් යොමු විය යුතු බව ආචාර්ය ජීවන්දර පෙන්වා දෙයි. මේ අතර ඩෙල්ටා සුපිරි ප්‍රභේදයක්, පිළිබඳව පළකෙරෙන අනාවැකි පිළිබඳ අදහස් පළකරන ආචාර්ය ජීවන්දර පෙන්වා දෙන්නේ ‘සුපිරි ප්‍රභේදයක් යනු ජාන විකෘතිතා හේතුවෙන් නිර්මාණය විය හැකි’ නරකම තත්ත්වයක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09