AFC Banner
Empty Ad
Empty Ad

භයානක ඩෙල්ටා ප්‍රභේදය ගැන තවත් ඇඟ කිලිපොලායන අනාවරණයක්

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන්ට වයිරසය වෙනත් පුද්ගලයකුට පැතිරවීමේ හැකියාව ආරම්භ වී දින 2 ක් ගතවනතුරුත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව අන්තර්ජාතික නේචර් (Nature) සඟරාව අනාවරණය කරයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මීට අදාළ වාර්තාව උපුටා දක්වා ඇති අතර, එම වාර්තාවට අනුව හොංකොං විශ්වවිද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥයකු වන බෙන්ජමින් කව්ලිං මීට අදාළ අධ්‍යයනයක නිරතව ඇත.

එම අධ්‍යයනයේදී හෙළිවී ඇති ආකාරයට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන්ගේ රෝග ලක්ෂණ මතුවීමට පෙර වයිරසය ව්‍යාප්තවීම පැහැදිලිවම ආරම්භ වේ. ඒ අනුව මෙම ප්‍රභේදය ‘වැළැක්වීම වඩාත් අපහසු’ බව බෙන්ජමින් කව්ලිං ප්‍රකාශ කර තිබේ.

ඩෙල්ටා ප්‍රභේදය පැමිණීමට පෙර සාමාන්‍ය කොවිඩ් ආසාදිතයකුට රෝග ලක්ෂණ මතුවීමට දින 6 කට වඩා ගතවන අතර පස්වන දිනයේ මැද භාගයේදී වයිරස ව්‍යාප්තිය (බෝකිරීමේ හැකියාව) ඇතිවේ.

එහෙත් ඩෙල්ටා ප්‍රභේදයේදී වයිරස ව්‍යප්තිය සහ රෝග ලක්ෂණ පෙන්වීම අතර දින කිහිපයක පරතරයක් පැවැතීම බරපතළ තත්ත්වයක් බව මෙම පර්යේෂණය අනාවරණය කරයි. එසේම මෙම පර්යේෂණයට සහභාගි වූවන්ගෙන් 74% කටම ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇත්තේ රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිත පුද්ගලයන්ගෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?