තවත් කොවිඩ් රැල්ලක් නිර්මාණය වීමේ ‘අවදානමක් ගැන’ ඇඟ කිලිපොලායන අනතුරු ඇගවීම

සමාජ ව්‍යාප්තියක් සහිතව ඉහළ අගයකින් රෝගීන් වාර්තාවෙමින් කොවිඩ් පස්වැනි රැල්ලක් නිර්මාණය වීමේ අවදානම් සහගත මොහොතක කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා දැනට පවතින කොවිඩ් පරීක්‍ෂණ ධාරිතා කිසිසේත්ම ප්‍රමාණවත් නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරන බව අද (26) සඳහන් කෙරුණා.

ඒ,පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින්.

කොවිඩ් වසංගතය සාර්ථකව පාලනය කළ රටවල රෝගීන් හඳුනා ගැනීමේ පරීක්‍ෂණ කිසිසේත් සීමාසහිත සාධකයක් වී නොමැති බව එම සංගමයේ ලේකම්, වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු එහිදී සඳහන් කර තිබෙනවා.

මේ වන විට ලෝකයේ කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා තාක්‍ෂණිකව දියුණු සහ අඩු පිරිවැයකින් යුත් ඉතා කෙටි කාලයකින් වාර්තාවන් ලැබෙන ක්‍රමවේද විශාල ප්‍රමාණයක් භාවිත කරන බව පෙන්වා දෙන වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු, ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා දැනට භාවිත කරනු ලබන්නේ, RT-PCR පරීක්‍ෂණය සහ ක්‍ෂණික ප්‍රතිදේහජනක (Rapid Antigen) පරීක්‍ෂාව (RAT) පමණක් බවද සඳහන් කරනවා.

එම RT-PCR පරීක්‍ෂණයක් සඳහා රුපියල් 6000ක් වැනි අධික මුදලක්ද, RAT පරීක්‍ෂණය සඳහා රුපියල් 2500ක් වැනි අධික මුදලක්ද වැය වන අතර, මෙහිදී ඇතැම් සමාගම් අසීමිත ලෙස ලාභ ලබන බවද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පෙන්වා දෙනවා.

ඇතැම් රටවල් කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා සිදුකරන පරීක්‍ෂණ ඉතා අඩු පිරිවැයකට ලබා ගැනීමට හැකි අතර, එම පරීක්‍ෂණය තමන්ටම සිදුකර ගත හැකි ලෙස ඉතා සරල ක්‍රමවේදයන්ද හඳුන්වාදී ඇතැයි හෙතෙම සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38