කොවිඩ් මරණවලින් ලංකාව හිමි වු තැන

ලොව පුරා දෛනිකව සිදුවන කොවිඩ් මරණ සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාව 13වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙන බව වාර්තා වේ.

කෝටි 33ක ජනගහනයකින් යුත් අමෙරිකාව එම ලැයිස්තුවට අනුව පසුවන්නේ 12 වැනි ස්ථානයේය. 

මෙරට කොවිඩ් ව්‍යාප්තිය ඇරඹි 2020 මාර්තු 11 වැනිදා සිට මේ දක්වා වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වූයේ ගෙවුණු පැය 24 දීය.

පළමුවරට දෛනික ආසාදිත සංඛ්‍යාව 4,000 සීමාව ඉක්මවා ගොස් ආසාදිතයින් 4,304 දෙනෙකු හඳුනාගැනුණි.

එමෙන්ම තවත් කොවිඩ් මරණ 183ක් පෙරේදා දිනයේදී වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළේය.

ඒ සමග වර්ල්ඩෝමීටර් වෙබ් අඩවිය වාර්තා කරන්නේ, දෛනික කොවිඩ් මරණ අතින් ශ්‍රී ලංකාව ලොව 13 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙන ආකාරයකි. 

දෛනික මරණ අතින් අපට ඉදිරියෙන් සිටින්නේ අමෙරිකා එක්සත් ජනපදය.

විටෙක කොවිඩ් හමුවේ විශාල ලෙස බැටකෑ කෝටි තිස්තුනක ජනගහනයකින් යුත් අමෙරිකාවෙන් පසුගිය පැය 24 දී වාර්තාවන්නේ, කොවිඩ් මරණ 198ක් පමණි.

දෙකෝටි පහළොස් ලක්ෂයක ජනගහනයකින් යුත් ශ්‍රී ලංකාවෙන් පසුගිය 21වැනිදා කොවිඩ් මරණ 183ක් වාර්තාවීම මෙරට කොවිඩ් ව්‍යාප්තියේ අවදානම පැහැදිලිව නිරූපනය කරයි.

මේ අතර රාගම ශික්ෂණ රෝහලේ කොවිඩ් ආසාදිත කාන්තාවන් ප්‍රතිකාර ලබන 30 වාට්ටුවේ අද පෙරවරු 11ට පමණ දක්නට ලැබුණේ ද දැඩි තදබදයක් සහිත තත්ත්වයකි.

ඇඳන් මත මෙන්ම බිම වැතිර සිටින ආසාදිත කාන්තාවන් එහිදී දැකගත හැකිවිය.

නුවරඑළිය මහ රෝහලේ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකට ද වෛරසය ආසාදනය වී තිබේ.

රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ වෛද්‍යවරුන් තිදෙනෙක්, හෙදියන් 13 දෙනෙක්, කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ 7 දෙනෙකුට ද මේ වනවිට කොවිඩ් ආසාදනය වී ඇති බවය.

ඒ අනුව රෝගී සත්කාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යන්නේ රෝහල් කාර්යමණ්ඩලයේ අඩුවක්ද සමගිනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49