AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් මරණවලින් ලංකාව හිමි වු තැන

ලොව පුරා දෛනිකව සිදුවන කොවිඩ් මරණ සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාව 13වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙන බව වාර්තා වේ.

කෝටි 33ක ජනගහනයකින් යුත් අමෙරිකාව එම ලැයිස්තුවට අනුව පසුවන්නේ 12 වැනි ස්ථානයේය. 

මෙරට කොවිඩ් ව්‍යාප්තිය ඇරඹි 2020 මාර්තු 11 වැනිදා සිට මේ දක්වා වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වූයේ ගෙවුණු පැය 24 දීය.

පළමුවරට දෛනික ආසාදිත සංඛ්‍යාව 4,000 සීමාව ඉක්මවා ගොස් ආසාදිතයින් 4,304 දෙනෙකු හඳුනාගැනුණි.

එමෙන්ම තවත් කොවිඩ් මරණ 183ක් පෙරේදා දිනයේදී වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළේය.

ඒ සමග වර්ල්ඩෝමීටර් වෙබ් අඩවිය වාර්තා කරන්නේ, දෛනික කොවිඩ් මරණ අතින් ශ්‍රී ලංකාව ලොව 13 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙන ආකාරයකි. 

දෛනික මරණ අතින් අපට ඉදිරියෙන් සිටින්නේ අමෙරිකා එක්සත් ජනපදය.

විටෙක කොවිඩ් හමුවේ විශාල ලෙස බැටකෑ කෝටි තිස්තුනක ජනගහනයකින් යුත් අමෙරිකාවෙන් පසුගිය පැය 24 දී වාර්තාවන්නේ, කොවිඩ් මරණ 198ක් පමණි.

දෙකෝටි පහළොස් ලක්ෂයක ජනගහනයකින් යුත් ශ්‍රී ලංකාවෙන් පසුගිය 21වැනිදා කොවිඩ් මරණ 183ක් වාර්තාවීම මෙරට කොවිඩ් ව්‍යාප්තියේ අවදානම පැහැදිලිව නිරූපනය කරයි.

මේ අතර රාගම ශික්ෂණ රෝහලේ කොවිඩ් ආසාදිත කාන්තාවන් ප්‍රතිකාර ලබන 30 වාට්ටුවේ අද පෙරවරු 11ට පමණ දක්නට ලැබුණේ ද දැඩි තදබදයක් සහිත තත්ත්වයකි.

ඇඳන් මත මෙන්ම බිම වැතිර සිටින ආසාදිත කාන්තාවන් එහිදී දැකගත හැකිවිය.

නුවරඑළිය මහ රෝහලේ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකට ද වෛරසය ආසාදනය වී තිබේ.

රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ වෛද්‍යවරුන් තිදෙනෙක්, හෙදියන් 13 දෙනෙක්, කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ 7 දෙනෙකුට ද මේ වනවිට කොවිඩ් ආසාදනය වී ඇති බවය.

ඒ අනුව රෝගී සත්කාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යන්නේ රෝහල් කාර්යමණ්ඩලයේ අඩුවක්ද සමගිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?