ඇෆ්ගනිස්තානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන රජයෙන් නිවේදනයක්

ඇෆ්ගනිස්තානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්‍ෂාව හා සුරක්ෂිතභාවය සහ ඔවුන් ආරක්‍ෂිත ස්ථානයක් කරා ගෙනයාම හෝ යළි මෙරටට ගෙනඒම කෙරෙහි මූලික අවධානය යොමු වී ඇති බව විදේශ අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඇෆ්ගනිස්තානයේ පවතින තත්ත්වය පිළිබඳව රජය දැඩි අවධානයෙන් පසුවන බවය.

ඇෆ්ගනිස්තානයේ ශ්‍රී ලාංකිකයින්  86ක් සිටි බවත් ඉන් 46 දෙනෙකු මේ වන විටත් ඉවත් කරගෙන ඇති බවත් 
තවත් ලාංකිකයින් 20 දෙනෙකු මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බවත් විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර 20 දෙනෙකු ඇෆ්ගනිස්තානයේ රැඳී සිටිමට කැමැත්ත පළකර ඇති බව එම අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

ඇෆ්ගනිස්තානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සහාය ලබාදෙන ලෙස විදේශ අමාත්‍යාංශය අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඉන්දියාව සහ පාකිස්තානය යන රටවලින් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ද ඉල්ලීමක් කර ඇති බව ද විදේශ අමාත්‍යාංශය පවසයි.

අදාළ රටවල තානාපතිවරුන් සමග පැවැති සාකච්ඡාවක දී විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා විසින් මෙම ඉල්ලීම සිදුකළ බව එම අමාත්‍යාංශය සදහන් කළේය.

විදේශ අමාත්‍යාංශය විසින් නිකුත්කළ නිවේදනය පහතින්, 

උපුටාගැනීම :-

“ඇෆ්ගනිස්තානයේ පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන අතර, එහි ප්‍රවණතා පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටී. ඇෆ්ගනිස්තානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්‍ෂාව හා සුරක්ෂිතභාවය සහ ඔවුන් ආරක්‍ෂිත ස්ථානයක් කරා ගෙනයාම හෝ නැවත ශ්‍රී ලංකාව වෙත ගෙන ඒම කෙරෙහි අපගේ මූලික අවධානය යොමු වී ඇත. 

ඔවුන් එසේ කිරීමට අපේක්ෂා කරන්නේ නම්, ඇෆ්ගනිස්තානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීමට සහාය ලබා දෙන ලෙස විදේශ අමාත්‍යාංශය විසින් ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, පාකිස්තානය යන රටවල රජයන්ගෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ. 

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා අදාළ රටවල තානාපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවල දී ඇෆ්ගනිස්තානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම සඳහා සහය ලබා දෙන ලෙස ඉල්ලා ඇත. 

මේ සඳහා අවශ්‍ය ඕනෑම පහසුකමක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජය සූදානමින් සිටී. ඇෆ්ගනිස්තානයේ සිටින මුළු ශ්‍රී ලාංකිකයින් අසූ හය (86) දෙනා අතුරින්, හතලිස් හය (46) දෙනෙකු මේ වන විටත් ඉවත්කර ගෙන ඇත. 

අද වන විට, ඇෆ්ගනිස්තානයෙන් ශ්‍රී ලාංකිකයින් විසි (20) දෙනෙකු ආපසු පැමිණීමට අපේක්ෂා කරන අතර, ඔවුන් ඉවත්කර ගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය කටයුතු සම්පාදනය කරමින් සිටී. 

මේ අතර, ශ්‍රී ලාංකිකයින් විසි (20) දෙනෙකු ඇෆ්ගනිස්තානයේම රැඳී සිටීම සඳහා කැමැත්ත පළකොට ඇත.

තලෙබාන් සංවිධානය විසින් පොදු සමාවක් ලබා දී ඇති බවත්, කිසිදු විදේශිකයෙකුට හානියක් නොකරන බවට ප්‍රතිඥා දී ඇති බවත්, එම කැපවීමට අඛණ්ඩව ගෞරව කරන ලෙස තලෙබාන් සංවිධානයෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා රජය සතුටින් සඳහන් කරයි. 

ඉස්ලාමීය සම්ප්‍රදාය අනුගමනය කරමින් ඇෆ්ගනිස්තානයේ  කාන්තාවන්ට රැකියා කළ හැකි අතර, ගැහැණු ළමයින්ට පාසල් යා හැකි බවට තලෙබාන් සංවිධානය විසින් ලබා දුන් ප්‍රතිඥා පිළිබඳව ද ශ්‍රී ලංකා රජය සතුටු වේ.

රට ඉදිරියට ගෙන යාම සඳහා සර්ව පාක්‍ෂික යාන්ත්‍රණයක් ස්ථාපිත කරන බවට තලෙබාන් සංවිධානය කළ ප්‍රකාශය පිළිබඳව ද ශ්‍රී ලංකා රජය අවධානය යොමු කරයි.

දැන් තලෙබාන් සංවිධානය බලයේ සිටින බැවින්, නීතිය හා සාමය ස්ථාවර කරන ලෙසත් ඇෆ්ගනිස්තානයේ සියලු ජනතාවගේ ආරක්ෂාව, සුරක්ෂිතභාවය සහ ගෞරවය ආරක්‍ෂා කරන ලෙසත් ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කරයි.

සමස්ත දකුණු ආසියානු කලාපයම අස්ථාවර කිරීමේ බලපෑමක් ඇති කළ හැකි මහා ජන සංක්‍රමණ, අන්තවාදී ආගමික කොටස් විසින් එහි ආරක්ෂිත ස්ථානයක් සාදා ගැනීමට උත්සාහ දැරීම සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම වැඩිදියුණුවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය අවධානයෙන් පසුවෙයි. 

රජය මෙම තත්ත්වය දෛනිකව හොඳින් නිරීක්ෂණය කරමින් සිටී.

සාර්ක් සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, මේ සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම කලාපීය ප්‍රයත්නයකට සහාය වීම සඳහා සිය කාර්‍ය භාරය ඉටු කිරීමට සූදානමින් සිටී. “

උපුටාගැනීම අවසන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16