රත්නපුරයේ පාසල් දරුවෙක් අතුරුදන් – CCTV දර්ශන හමුවේ

රත්නපුර, මලංගම, ආටිගල මාවතේ පදිංචි 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි පාසල් සිසුවෙක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

නුවන්ත ලක්ෂාන් අබේරත්න නැමැති එම දරුවා ඉකුත් 24 වන දා සිට අතුරුදන්ව ඇති බව දෙමාපියෝ පවසති.

කෙසේවෙතත් එම දරුවා නිවසින් බැහැරව යන ආකාරය අසල වු CCTV කැමරාවක ද සටහන්ව තිබුණි.

දරුවා කුමන හේතුවක් මත නිවසින් බැහැරව ගොස් ඇත්දැයි සිතා ගත නොහැකි අතර මේ වන විට සියලූම ඥාතීන්ගේ සහ මිතුරන්ගේ නිවෙස්වල දරුවා සෙවු බව ද අතුරුදන් වු දරුවාගේ පියා පවසයි.

“24 වෙනිදා උදේ ගෙදරින් කතා කරලා කිව්වා පොඩි පුතා නෑ කියලා. ඊට පස්සේ හොයන්න තියෙන හැමතැනම හෙව්වා. දරුවාට කිසිම ලෙඩක් තිබුණේ නෑ. දැනුවත්ව කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ. නමුත් දරුවා ගෙදරින් ගිහින් තියෙනවා. දැන් හැමතැනම හොයනවා නමුත් කිසිම හෝඩුවාවක් නෑ, මම ඉල්ලා සිටිනවා මගේ දරුවාව දැක්කොත් දැනුම්දෙන්න කියලා.“

අතුරුදන් වු දරුවාගේ පියා මඩකලපුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන නිලධාරියෙකි.

දරුවාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් රත්නපුර පොලීසියට සිදුකළ පැමිණිල්ල මත මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51