Rajapura Handi Oil
Rajapura Diabetic Powder

රත්ගම දී හිටපු ලුතිනන් කර්නල්වරයෙක් වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

රත්ගම පොලිස් වසමේ බූස්ස, මලියදූව ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක දී හිටපු යුද හමුදා නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අවශ්‍යකර සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (28) මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

වයස අවුරුදු 47 ක් වූ රිච්මන්කන්ඳ, ගාල්ල ප්‍රදේශයේ පදිංචි හිටපු යුද හමුදා ලුතිනන් කර්නල්වරයෙකු වෙඩි තබා පසුගිය 26 වනදා ඝාතනය කර තිබිය දී රත්ගම, මලියදූව ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක දී සොයා ගැනුණා.

මෙම අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 31, 38, හා 41 වයස්වල පසුවන ගිංතොට, මාගල්ල හා ගාල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය හා රත්ගම පොලිස් ස්ථානය මගින් සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.