විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පවත්වා තිබෙනවා.
නවදිල්ලියේ පැවති ඉන්දීය සාගර කලාපීය සංගමයේ (IORA) 25 වන අමාත්‍ය මණ්ඩල රැස්වීමට සමගාමීව මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වුණේ.
අමාත්‍ය මණ්ඩල රැස්වීමට සමගාමීව අමාත්‍ය හේරත් ඉන්දියාවේ සහ මාලදිවයිනේ විදෙස් අමාත්‍යවරුන් මෙන්ම සිංගප්පූරුවේ සහ යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම් ප්‍රධානීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.
එහිදී දෙපාර්ශවයටම වැදගත් වන කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමටත්, ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ මාර්ග ගවේෂණය කිරීමටත් අවස්ථාවක් හිමි වූ බවයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.










