පලස්තීන සරණාගතයන්ට අධ්‍යාපන, සෞඛ්‍ය සහ මානුෂීය සහාය ලබාදීම සඳහා එක්සත් ජාතීන්ගේ UNRWA සංවිධානයට ඉන්දියාව ඩොලර් මිලියන 2.5ක මුදලක් ලබාදී තිබෙනවා.
එය එම සංවිධානයට වාර්ෂිකව ඩොලර් මිලියන 5ක් ලබාදීමට ඉන්දියාව ලබාදී ඇති පොරොන්දුවේ පළමු වාරිකයයි.
පලස්තීනයේ ඉන්දීය නියෝජිත මහීමා සිකන්ඩ් විසින් අදාළ මුදල UNRWA සංවිධානයේ ජ්‍යෙෂ්ඨ මූල්‍ය සහකාර ඛාලිඩ් හින්දියේ වෙත නිල වශයෙන් භාරදී තිබෙනවා.
මෙම දායකත්වය මඟින් කලාපය පුරා සිටින පලස්තීන සරණාගතයන් වෙනුවෙන් අධ්‍යාපන, සෞඛ්‍ය සේවා සහ හදිසි මානුෂීය සහාය ඇතුළු අත්‍යවශ්‍ය වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය වනවා.
එහිදී ඉන්දීය නියෝජිතවරිය UNRWA සංවිධානයේ මානුෂීය මෙහෙවරට ඉන්දියාවේ අඛණ්ඩ සහාය තහවුරු කර ඇති අතර, එම සංවිධානය ද ඉන්දියාවේ දිගුකාලීන මූල්‍ය සහ දේශපාලන සහාය අගය කර තිබෙනවා.
1949 වසරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් පිහිටුවන ලද UNRWA සංවිධානය 1950 වසරේ සිට ජෝර්දානය, ලෙබනනය, සිරියාව, ගාසා තීරය සහ නැගෙනහිර ජෙරුසලම ඇතුළු බටහිර ඉවුරේ පලස්තීන සරණාගතයන්ට සහාය ලබාදෙනවා.










