Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කළමනාකරණ සේවා නිලධාරිනුත් 30 වැනිදාට ලෙඩ වෙයි

සිදු කරන ලද ඉල්ලීම්වලට රජය පාර්ශවයෙන් සාධනීය විසඳුම් නොලැබුණු නිසාවෙන්, ලබන 30 වැනිදා සිය සංගමයේ නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරන බව ශ්‍රී ලංකා කළමනාකරණ සේවා සංගමය නිවේදනය කරනවා.

2027 වසරේ අයවැය යෝජනා මගින් කළමනාකරණ සේවා නිලධාරින් හට රුපියල් 25,000ක අතුරු දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් සිදු කළ ඉල්ලීමට සාධනීය පිළිතුරක් නොලැබුණු බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ඒ නිසාවෙන්, ලබන 30 වැනිදා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසෙන බවයි ශ්‍රී ලංකා කළමනාකරණ සේවා සංගමය පවසන්නේ.