Rajapura Handi Oil
Rajapura Diabetic Powder

යැවූ චන්ද්‍රිකාව ගැන අහන්න රෝහිතව FCIDයට කැඳවයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ තිබෙනවා.

සුප්‍රීම් සැට් චන්ද්‍රිකා ගනුදෙනුව සම්බන්ධව සිදු කරන විමර්ශනයකට අදාළව රෝහිත රාජපක්ෂව එම කොට්ඨාසයට කැඳවා තිබුණා.

ඒ සම්බන්ධයෙන් පැය 04ක පමණ කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව රෝහිත රාජපක්ෂ ඉන් පිටතට පැමිණියා.