පුත්තලම මූලික රෝහල, සංවර්ධනය කිරීමේ සහ උසස් කිරීමේ අරමුණින් සය මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා 2026-03-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.
වයඹ පළාත් සභාව යටතේ පැවති පුත්තලම මූලික රෝහල, සංවර්ධනය කිරීමේ සහ උසස් කිරීමේ අරමුණින් මධ්‍යම රජය වෙත පවරා ගැනීම සඳහා 2026-03-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.
ඒ අනුව, අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය, සායන, කෙටිකාලීන නේවාසික ප්‍රතිකාර ඒකකය, ලේ බැංකුව මෙන්ම රෝග විනිශ්චය සහ රසායනාගාර පහසුකම් සඳහා ඉඩ කඩ සලසන, මුළු බිම් ප්‍රමාණය වර්ගමීටර 8,640 ක් වූ සය මහල් ගොඩනැගිල්ලක් වසර 04 ක් තුළ පුත්තලම මූලික රෝහල සඳහා ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.
අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති යෝජිත ගොඩනැගිල්ලේ පළමු මහල් ත්‍රිත්වය ඉදිකිරීම පිණිස රුපියල් මිලියන 600ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දීය රජය සිය එකඟතාව පළ කර ඇති බවටත් වාර්තාවෙනවා.
ඒ අනුව, පුත්තලම මූලික රෝහල සඳහා යෝජිත සය මහල් ගොඩනැගිල්ල ඉදි කිරීම පිණිස වූ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, එහි පළමු මහල් ත්‍රිත්වය ඉදි කිරීම වෙනුවෙන් වන රුපියල් මිලියන 600 ක ප්රදානය ලබා ගැනීම සඳහා ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමට එළඹීමටත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.










