Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අය වැයට විරෝධය පාමින් සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියම වැඩවර්ජනයකට සැරසේ

2027 වර්ෂයට අදාල අය වැයට විරෝධය පාමින්, එළැඹෙන 25වෙනි බදාදා දින සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතියම එක්දින වැඩවර්ජනයක් දියත්කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සමඟින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද පවත්වන බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් . ප්‍රියන්ත ප්‍රකාශ කරනවා.

“එළැඹෙන 25වෙනි බදාදා දින සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතියම එක්දින වැඩවර්ජනයක් සමගින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන බවටත්, ඒ එක්කම එළැඹෙන දෙසැම්බර් 01 සහ 02 සංකේත වැඩවර්ජනයක් සමඟින් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත්කිරීමට සැලසුම් කර තිබෙන බවටත් ඔහු තවදුරටත් සඳහන් කරනවා.